(ක.ග.කරුණාරත්න)
මින්නේරිය ගිරිතලේ ස්වභාව රක්ෂිතයට නීතිවිරෝධී ලෙස බැහැර කිරීමේ චෝදනාවකට අධිකරණයේ දී වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියක් 75,000ක දඩයක් ගෙවන ලෙසට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා අද (19) නියෝග කළේය.
සංචාරක හෝටලයකින් ඉවත් කරන ලද වීදුරු කැබලි,පිළිස්සුණු විදුලි බුබුලු ආදී අපද්‍රව්‍ය තොගයක් වන සතුන්ට හානිකර අන්දමින් බැහැර කිරිමේ සිද්ධීයකට මෙලෙස දඩ ගෙවන ලෙස නියෝග කර තිබේ.
මෙසේ දඩ නියම වූයේ හල්මලුව,ෙ පදිංචි හමන්කඩගෙදර අරුණ නිශාන්ත හමන්කඩ යන අයටය.
2020 සැප්තැම්බර් මස 03වෙනි දින හෝ ඊට ආසන්න දිනයකදී මින්නේරිය ගිරිතලේ ස්වභාව රක්ෂිතයේ අංක 01 කොටසේ ඉඳිපිටිය කොටසට නිසි අවසරයෙකින් තොරව ඇතුලුවීම,නීති විරෝධීව තනන ලද මාර්ගයක් භාවිත කිරීම,සංචාරක හෝටලයෙකින් ඉවත් කරන ලද පිඟන් කැබලි, වීදුරු කැබලි,පිලිස්සුණු විදුලි බුබුළු ආදි අපද්‍රව්‍ය වනජීවී රක්ෂිතයට නීති විරෝධී ලෙස බැහැර කිරීම, එම අපද්‍රව්‍ය අනතුරුදායක ලෙස බැහැර කිරීම මගින් වන සතුන්ට හානිදායක තත්වයන් ඇතිවීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට විරුද්ධව පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලය මගින් මෙම නඩුව පවරා තිබුණි.
මහනුවර ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයෙකින් එම අපද්‍රව්‍ය බැහැර කිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන විත්තිකරු විසින් මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකර තිබෙන බව විමර්ශන වලදී හෙළිවී ඇතැයි වනජීවී නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වනජීවී කලාපයට කසළ දමා වරද පිළිගෙන දඩ කයි