වෙන්නප්පුව දුම්මලදෙණියේ ළැඟුම්හලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා කාන්තාවන් දෙදෙනකු හා පිරිමින් දෙදෙනකු ගණිකා ව්‍යාපාරය කරගෙන යාමට භාවිතා කළ බව කියන සුඛෝපභෝගි මෝටර් රථයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
ළැඟුම්හලේ කළමණාකරු හා එහි සේවය කළ අයෙක් ද මාරවිල හා පොළොන්නරුව පදිංචි 20 හැවිරිදි හා 25 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත් අය අතර වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ ගණිකා ව්‍යාපාරය නීතිගත කළයුතුයි. (නි)
ජගත්, ඒක හොඳ අදහසක් (නි)
රට බංකොලොත්, ආර්ථිකය බංකොලොත්, රැකියා ලක්ෂ 10 බංකොලොත්. ඉතින් මිනිසුන් කීයක්හරි හොයාගෙන පවුල නඩත්තු කරනවා හැර වෙන මොනවා කරන්නද? (නි)
ජගත්, මමත් කියන්නෙ එය නීතිගත කළයුතුයි (නි)
ජගත්, ඔබ හරි. යම් යම් කොන්දේසි යටතේ ගණිකා වෘත්තිය නීතිගත කළයුතුයි. එමඟින් රජයටත් සැළකියයුතු අදායමක් ලැබෙනු ඇත (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
ජගත්, හිතලා බලන්න. කොහොමද ඔයාගේම කෙනෙක් ඔය කියන නීතිගතකළ තැනක සේවයට ගියොත්? (නි)
සාගර, ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් කිසි කෙනෙකුට අපහාසයක් හෝ අවමානයක් සිදුවන්නේ නැත. එමෙන්ම එම වෘත්තියෙහි හොරෙන් යෙදෙන උදවිය ඉන් වළකිනු ඇත. රැකියා ප්‍රශ්නය සහ දුප්පත්කම නිසා මෙවැනි ව්‍යාපාරයන්හි යෙදෙනවා මිස වෙන හේතුවක් නොවේ. මෙලොව සිටින හැමෝම කැමතියි හොඳ ජීවිතයක් ගෙනියන්න. එහෙත් එයට අවැසි ඉඩ ප්‍රස්තාව නොලැබේ නම් කුමක් කළයුතුද? (නි)
ජගත්, ඔබ හරි. ගණිකා වෘත්තිය නීතිගත කර තිබෙන බොහෝ රටවල හැදියාව අපේ රටට වැඩිය හොඳයි, වෙනස ඒකයි.
මේ ව්‍යාපාරය නැවැත්විය යුතුමයි.(හේ)