(ප්‍රියාණි මංගලිකා)
වරෙන්තු 07ක් සහිත දිවයිනේ අපරාධ රැසකට සම්බන්ධ, නිකවැරටියේ සැකකරුවෙකු ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් මගින් විදෙස් ගතව සැඟවී සිට යළි මෙරටට පැමිණ සුපිරි හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය අද (16) පැවසීය.
සැකකරුගේ බිරිඳ සහ අනියම් බිරිඳ යන දෙදෙනාද දින 03කට පමණ පෙර හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතවූ බවද, සැකකාරියන් රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී සහ ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන තොරතුරු අනුව මෙම සැකකරු ලංකාවට පැමිණ වැල්ලවත්ත හෝටලයක නිරෝධායනය වෙමින් සිටින බව අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කළේය.
සැකකරු ව්‍යාජ නමකින් සකසන ලද ජාතික හැඳුනුම්පතක් මගින් විදෙස් ගමන් බලපත්‍රයක් සකසා මෙරටින් පලාගොස් ඕමාන් රටට ගොස් සිට ඇති අතර එහිදීද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට නිදහස්ව, කොරෝනා වසංගත තත්වය හේතුවෙන් යලි ලංකාවට පැමිණ මෙලෙස වැල්ලවත්තේ සුපිරි හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී එම දින ගණන ගතවීමෙන් පසුව වෛද්‍ය වාර්තාද රැගෙන අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලීසිය සඳහන් කළේය.
නිකවැරටිය සහකාර පොලිස් අධිකාරි අලවත්ත මහතාට ලැබුණු තොරතුරක් මත, කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව කොට්ඨාස පරිසර ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.පරීක්ෂක උපාලි නවරත්න මහතා ඇතුලු නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීම සිදුකළ අතර, කොට්ඨාස අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍ර.පො.පරීක්ෂක ලලිත් සඳසිරි මහතා ඇතුලු නිලධාරින් විසින් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාජ ලිපි ලේඛන, සැකකරු සතු ජංගම දුරකතනය සමග සැකකරු නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් සැඟවසිටි අයෙක් අත්අඩංගුවට