IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වැලිගෙපල දිසා රෝහලේ වෛද්‍යවරු හිඟයක්

(චාමින්ද දිසානායක)

වැලිගෙපල දිසා රෝහලේ ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති විම නිසා රෝගීහු දැඩි ලෙස අපහසුතාවට පත්ව තිබේ .

වසර 100ක් පමණ පැරණි මෙම රෝහල 2015 සහ 2016 වසරවලදි ජාතික ඵලදායිතා සම්මාන වලට ද තේරී පත්විණි.

මෙම රෝහලෙන් දිනකට බාහිර රෝගින් 200ක් පමණ ප්‍රතිකාර ලබති.  මසකට 300කට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබති .

මෙම රෝහල සදහා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියකු ඇතුළු වෛද්‍යවරුන් හත් දෙනකු අනුමත වි තිබුණද මෙහි සිටින්නේ එක් වෛද්‍ය නිලධාරිනියක ,දන්ත වෛද්‍ය නිලධාරිනියක , ලියාපදිංචි වෛද්‍ය නිලධාරිනියක පමණි . සුවිසාල සේවාවක් සපයන මෙම රෝහලට මෙම වෛද්‍ය නිලධාරින් තිදෙනා කිසිසේත් ප්‍රමාණවත් නොවේ.

රෝහල් සංවර්ධන කමිටුවේ ලේකම් ඩස්මන් සුබසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  පැවසුවේ ‘අපි මේ ගැන ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සමග කතා කරල සහන සේවයක් විදිහට හරි සතියකට වෛද්‍යවරයකු ලබා දෙන්න කියල කිව්වත් ඒක හරියට ක්‍රියාත්මක වුණේ නැහැ.මේ රෝහලේ සේවය කළ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි අනුප්‍රාත්තිකයෙකු නැතුව මුදාහැරිම නිසා වසර දෙකක් පමණ එම පුරප්පාඩුවත් තියෙනවා. අපි මේ ගැන වරින් වර බලධාරින් දැනුවත් කළත් තවමත් සෙතක් වී නැහැ අපි රෝහල් සංවර්ධන කමිටුවෙනුත් තින්දුවක් ගත්තා මේ ගැටළුවට විසදුමක් නොමැති වුණොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා“


මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතාව සම්බන්ධ කරගැනිමට උත්සහ කළත් ඔහු මේ දිනවල විදෙස් ගත වි සිටින නිසා සම්බන්ධ කරගැනිමට නොහැකි විය .

සෞඛ්‍ය සේවා කාර්යාලයේ නම හෙළි නොකළ වෙනත් නිලධාරියකු පැවසුවේ මේ ගැන නාමිකව මාධ්‍යයට කිසිවක් පැවැසිමට නොහැකි වුවද අධ්‍යක්ෂකවරයා ලංකාවට පැමිණි විගස මේ ගැටළුව ගැන අවධානය යොමු කර කටයුතු කරන බවයි.



අදහස් (1)

වැලිගෙපල දිසා රෝහලේ වෛද්‍යවරු හිඟයක්

aravinda Wednesday, 23 August 2017 03:25 PM

අද මෙවැනි ඈත ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරුන්ගේ හිගයක් ඇත්තේ, අපේ බොහෝ වෛද්‍යවරුන් මෙවැනි ඈත ප්‍රදේශ වල සේවය කිරීමට මැලි වීමයි. බොහෝ විට ඊට හේතු වන්නේ විවාහක වීම, දරුවන්ට පාසල් නොමැති වීම, නිසි නවාතැන් පහසුකම් නැතිවීම වැනි දේයි. මේ හේතු වෛද්‍යවරුන්ගේ පැත්තෙන් බැලූ කල සාධාරන වුවත්, මේ ප්‍රදේශ වල ජීවත් වන ගැමියන්ට තමන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ අයිතියක්ද ඇත. මෙවැනි අවස්ථාවක රජය කල යුත්තේ, ඉන්දියාව, නේපාලය වැනි ආසියාතික රටවල වෛද්‍යවරුන් මෙවැනි දුර බැහැර රෝහල් වල සේවය කිරීමට කැමති දැයි සොයා බලා, ඔවුන්ට ඒ අවස්ථා ලබා දීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site