(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරය පුරා පසුගිය දින කිහිපය තුල පැවැති අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 130 කට අයත් පුද්ගලයින් 540 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මධ්‍යම කඳුකරයට පැවැති අධික වර්ෂාවත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරකට නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබිණ.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්රාදේශය ලේකම් කොට්ඨාස 11 ක පවුල් 130 ක පුද්ගලයන් 540 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඒ අනුව උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් එකක පුද්ගලයින් පස් දෙනෙකුද, පස්බාගේ කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවල් 99 කට අයත් පුද්ගලයින් 443 කුද ගඟවට කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් හයක පුද්ගලයින් 14 දෙනෙකුද පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් දෙකක පුද්ගලයින් දොළොස් දෙනෙකුද, අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් පහක පුද්ගලයින් නව දෙනෙකුද, හාරිස්පත්තුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එක් පවුලක පුද්ගලයින් හතර දෙනෙකු ද , උඩපළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එක් පවුලක පුද්ගලයින් දෙදෙනෙකුද, හතරලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් තුනකට අයත් පුද්ගලයින් දස දෙනෙකුද, පාතදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් ත16 ක පුද්ගලයින් 50 දෙනෙකුද තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් තුනකට අයත් පුද්ගලයින් 12 දෙනෙකුද පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් දෙකක පුද්ගලයින් 12 දෙනෙකුද ඇතුළුව පවුල් 130 ක අයත් පුද්ගලයින් 540 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
පීඩාවට පත්ව ඇති ජනතාව වෙනුවෙන් අවශ්‍ය සහනයන් ලබා දීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදෙස් මත ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් කටයුතු කර ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැස්සෙන් මහනුවර පුද්ගලයින් 540ක් පීඩාවට