(හර්ෂණ තුෂාර සිල්වා)
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ පැවැත්වෙන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා භූමිය තුළ ‘කොවිඩ්-19’ සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිනොපදින ඕනෑම අයකු එම කුටිවලින් ඉවත් කිරීමට උපදෙස් දී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා අද (18) පැවැසීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී හෙතෙම ඒ බව කීවේය.
වෛද්‍ය රුවන් විජයමුණි මහතා එහිදි මෙසේ ද කීය.
‘‘ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට එහි සංවිධායකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දී ඇත්තේ යම් යම් කොන්දෙසි මතයි. අද දින සිට ලබන 27 වැනිදා දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා.
ඒ අනුව එක් අවස්ථාවකදී ප්‍රධාන ශාලාවේ සිටිය හැක්කේ 300 දෙනකුට පමණි. ඒ අවට තිබෙන අනෙක් විශාල කුටීරවල එක් වරකට සිටිය හැක්කේ 150 දෙනකුට පමණයි. ඊට අමතරව මේ පරිශ්‍රය තුළ සිටින සෑම අවස්ථාවකදීම මුඛ ආවරණ පළඳින්න ඕනෑ. ඒ වගේම මීටරයේ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යා යුතුයි.
එමෙන්ම සබන් යොදා හෝ දෑත් පිරිසුදුකාරක යොදා දෑත් පිරිසුදු කළ යුතුයි. එසේ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පිරිස් ප්‍රදර්ශන භූමියෙන් ඉවත් කරන්නැයි අපි සංවිධායක මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සඳහා සේවයේ යොදවා තිබෙනවා. ඔවුන් සෑම විටම මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනවා. ඔවුන් සුපරීක්ෂාවෙන් සිටිනවා.
ඒ වගේම කිසියම් පුද්ගලයෙක් මුඛ ආවරණ පළඳින්නේ නැතිනම් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නේ නැතිනම් එම පුද්ගලයා අදාළ ශාලාවෙන් ඉවත් කරන්නැයි අපි ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා.
ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ එක්ව ‘කොවිඩ්-19’ වසංගතය සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට සමත්ව තිබෙනවා. එහෙත් අනතුර සම්පූර්ණයෙන් පහව ගිහින් නැහැ. ඒ නිසා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතුයි.. ඒ වගේම නව සාමාන්‍ය තත්ත්වවලට හැඩ ගැසෙමින් එදිනෙදා ජීවිතය සහ ආර්ථිකය සක්‍රීය කිරීම කළ යුතුයි.’’
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන භූමියට ඇතුළුවීමට පෙර දෑත් සේදීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙන අතර ප්‍රධාන භූමියටත් අනෙක් කුටිවලටත් ඇතුළු වීමේදී ද දෑත් පිරිසුදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත. එමෙන්ම ප්‍රධාන භූමියට ඇතුළුවීමේදී ප්‍රධාන භූමිය තුළදීත් ශරීර උෂ්ණත්වය ද මැන බැලේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් පොත් ප්‍රදර්ශනයෙන් ඉවතට