(කාංචන කුමාර ආරියදාස)
කණ්ඩලම සිගිරිය ප්‍රධාන මාර්ගය කිබිස්ස ප්‍රදේශයේ පාලමක් පාරත් සමඟ ගිලා බැස මාස දෙකක පමණ කාලයක් ගත වී ඇතත් මෙතෙක් එහි ඉදිකිරීම් කටයුතු අවසන් නොකිරීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු අඩාල වී ජනතාව දැඩි අපහසුතාවයකට පත්වී ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.
විශාල ජනතාවත් දිනපතා ගමන් කරන මෙම මාර්ගය මධ්‍යම පළාත් සභාව මගින් ඉදිකරන ලද්දක් බව ප්‍රදේශවාසීහු පවසති. කණ්ඩලම සීගිරිය අතර ප්‍රධාන සංචාරක හෝටල් රැසකට ගමන් කිරීමට ඇති කෙටිම මාර්ගය මෙය වේ.
මාර්ගය කැඩී යාම නිසා සීගිරිය නැරඹීම සඳහා හෝටල් වල සිට පැමිණෙන සංචාරකයන්ට නැවත වෙනත් විකල්ප මාර්ග වලින් ගමන් කිරීමට සිදුවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
එමෙන්ම ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා දැඩි අසීරුතාවයකට පත්ව ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට පාසල් යෑමට බස් රථයකට ගමන් කිරීමට නොහැකි වීමෙනි.
පාසල් ළමුන් කිලෝමීටර් දෙක තුන පාගමනින් යන අතර ඇතැම් පාසල් සිසුන් යතුරුපැදි හා පාපැදි පාවිච්චි කරමින් කඩා ගිය පාලමේ අඩියක පමණ ඉතුරුව ඇති ස්ථානයෙන් එගොඩ මෙගොඩ වනු ලබන්නේ දැඩි අවදානම් ස්ථානයකින් බව ගම්වැසියෝ පවසති.
මාස දෙකක පමණ කාලය මාර්ගය ගිලා බැස ගත වුවද එක කලු ගල් ලෝඩ් එකක් පමණක් එම ස්ථානයට ගෙනැවිත් දමා තිබෙන බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙන අතර සතියක් ඇතුළත මෙම මාර්ගය පිළිසකර කර නොදෙන්නේ නම් දඹුල්ල සීගිරිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් දැඩි විරෝධතාවයක නිරත වන බව ද ඔවුහු පවසති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සීගිරි සංචාරක කලාපයේ පාලමක් ගිලා බැස දෙමසක් ගතවෙයි