හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.
ඒ එච් එම් ෆවුසි, මහාචාර්ය ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අත්තනායක, ඩිලාන් පෙරේරා, ජේ ශ්‍රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්‍රභා ගනේෂන්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහාචාර්ය රජීව් විජේසිංහ සහ පියසිරි විජේනායක ඔවුහුය.
මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්මි ෂෙරිෆ්, මලිත් ජයතිලක, ශිරාල් ලක්තිලක, මහාචාර්ය කොල්වින් ගුණරත්න, මහචාර්ය කපිල ගුණසේකර, ආචාර්ය බී ඒ රත්නපාල, කරුපයියා ගනේෂමූර්ති, ලෙස්ලි දේවේන්ද්‍ර, සෝමවීර චන්ද්‍රසිරි, එම් එස් උතුමා ලෙබ්බේ, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, එම් එෆ් එම් මුසම්මීල්, ගෙවින්දු කුමාරතුංග සන්ධානයෙන් ජාතික ලැයිස්තුවට ඇතුළු කර ඇති සෙසු පුද්ගලයෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර සෙට් එක ජාතික ලැයිස්තුවෙන් ගෙනැල්ලා (බ)
හොදටම කඩේ යන අය මේ මහත්තුරු,,... මල්ලෙන් හෙළුව වහගෙන ...ගෙවිදු රෙද්දක් ඇදගෙනද රංග ල එක්ක එකට ඉන්නේ....(බ)
දැන්නම් ඉතින් රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
මහින්ද යුගය කියන්නේ කවදත් උගතුන් ගැන විශ්වාස කළ යුගයක් නෙමෙයි. හොඳම උදාහරණය 2010 ජාතික ලැයිස්තුව (නි)
මට පෙන්නන්න බැරි අයත් ඉන්නවා ටික දෙනෙක්. අපි දෙන්නම්කෝ අපේ මනාපය ගානට (නි)
අපිට නම් ඉතින් දෙවි පිහිටම තමයි! (නි)
ගෙවින්දු කියන්නේ අපි කවුරුත් ආදරය කරන්න ඕනෑ චරිතයක්.ඔහු ඇතුළු සියල්ලන්ම රටේ සුපතල බුද්ධිමත් මිනිසුන් පිරිසක්.ඉතාම හොඳ තේරීමක් (නි)
නියම කට්ටිය තෝරා තිබෙනවා (නි)
මේ තියෙන්නේ හොඳම ජාතික ලැයිස්තුව කියන නෝනා මහත්වරු ජනතා විමුක්ති පෙරමුණේ ලැයිස්තුව පොඩ්ඩක් බලලා එනවද? (නි)
ඩොක්ටර් බී.ඒ රත්නපාල හොඳ දැනුමක් තියෙන ආයුර්වේද භෞතචිකිත්සක වරයෙක්. ඔහු ලංකාවේ දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දක්ෂයෙක් (බ)
හොරු ගොඩක් නෑ වාගේ පෙනෙන්නේ. ඒත් රට කන කට්ටිය ටිකක් වැඩි වගේ නේද (බ)
උගතුන් බුද්ධිමතුන් බොහොමයක් ඇතුළත්වීම ගැන සන්තෝෂයි. (නි)
ඉතා හොඳ තේරීමක්. නමුත් තවත් උගත් අය ඇතුල් කරන්න තිබුන. සීයට 75 සිංහල ලංකා විශ්වවිද්‍යාල උපාධි තියෙන අය දැම්ම නම් හොඳයි (බ)
මේක දැක්කම් මටනම් හිනා. විශ්ව විද්‍යාලෙදි මරා ගත් ගෙවින්දුයි ශිරාලුයි එකට. අනේ ශිරාල් ජාති වාදියෝ එක්ක එකට ඉන්නේ උඹ රෙදි ඇදගෙනද? (බ)
හොඳම ලැයිස්තුවලු. හිනා යනවා (බ)
පිටරට ඉන්න සියලුම මහින්ද පාක්ෂිකයන්ට කරන කාරුණික දැනුන්දීම නම් ඇවිත් ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න එතුමාට සහ පක්ෂයට..මේ ඡන්දය වරද්දගත්තොත් සිංහලයාගේ අවසානය ළගදීම..(බ)
උගතුන් හිටියත් කවුද ඇතුලට එන්නේ .ඇයි ජීවන් . තිස්සට ඡන්දයක් දිනන්න බැරිද (බ)
හොර තක්කඩි ටික එහෙමම ඉන්නවාලු (අ)
අවන්කවම මේ ලැයිස්තුව තමා මම දැකපු හොඳම එක. රටට වැඩක් වේවි. (අ)
ගෙවින්දු කුමාරතුංග මහතාට අවස්ථාව ලැබීම අගයමි. (ර)
සන්ධානයේ ජාතික ලැයිස්තුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විද්වතුන් ගෙන් පිරි එකක්. මෙය දුටුවහම තේරෙනවා අපි ඡන්දෙ දිය යුත්තේ කාටද කියලා. (ර)
තිස්ස අත්තනායක මහතාට අපේක්ෂකත්වය දීමත්, පොළොවේ පයගසා ජීවත්වන විද්වතකු වන ගෙවින්දු කුමාරතුංග මහතාට අවස්ථාවක් දීමත් අගය කරමි! (නි)