විධායක බලතල අහෝසි කිරීම , මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම,ස්වාධින කොමිෂන් සභා බලාත්මක කිරීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් තමා එදා සිටි මතයේම අදද සිටින බවත් එම කාරණා ඉටු නොවුනහොත් එක්සත් ජනතා සන්ධානයෙන් ඉවත් වී ස්වාධීනව සිටිනවා මිස කිසිම ලෙසකින් එක්සත් ජාතික පක්ෂය හා එක් නොවන බවත් පානදුර නගරාධිපති ගුණතිලක (එ.ජ.නි.ස) මහතා පැවසීය.
සංවිධායක ධුරයක් ලැබ තමන් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය හා සම්න්ධ වන බවට මේ දිනවල පැතිර යන ආරංචි වල කිසිදු සත්‍යතාවයක් හෝ පදනමක් නැතැයිද ඒ මහතා සදහන් කළේය.
පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා ඉදිරි දින කිහිපය තුල එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වන බවටත් හොරණ සංවිධායක ධූරයට පත් වන බවටත් මේ දින වල පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් කල විමසීමේදී එසේ පැවසීය.
ගුණතිලක මහතා මෙසේද කීවේය.
විධායක බලතල අහෝසි කිරීම,මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම,කොමිෂන් සභා බලාත්මක කිරීම සම්න්ධයෙන් අපි ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා.ඒවා කලේ නැත්නම් ආණ්ඩුවෙන් එලියට ඇවිත් ස්වාධීනව කටයුතු කරනවා.එක්සත් ජාතික පක්ෂය සමග එකතු වන්නේ නැහැ.ඊයේ කොළඹ තිබුන සමුලුවටත් අපිට ආරධානා ලැබුණා.ඒත් අපි ඒකට ගොඩ වුණේ නැහැ.
නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරනයටද තරග කල අතර සංචාරක අමාත්‍යධූරය ඇතුළු විවිධ තනතුරු හෙබවූ කළුතර දිශාවේ පරිනත දේශපාලනඥයෙකි.ඒ මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට පානදුර නගරාධිපති වු අතර පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයටද තරග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරණ සංවිධායක කම පුරවන්න මෙච්චර බලන් ඉන්නේ කව්රු හරි එනකන්ද? කරුණාකරලා හොඳ වැඩක් කරන්න පුළුවන් කෙනෙක් හොරණට දැම්මොත් හොරණ හරවන එක අමාරු නැහැ. මොලේ වගේම මිනිස්සු තේරුම් ගන්න ඕනි කෙනෙක්. අර්ජුන එ්කට ගොඩක් ගැලපෙනවා. (නදී)
සිංහලයට මතක තියෙන්නේ දවස් දෙකයි. දැන් රට බෙදුවත් කමක් නැහැ (නදී)
මේගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයට ඕනේ නැහැ.....(බ)
ප්‍රියන්ත ඔයාගේ කතාව ඇත්ත ප්‍රභාකරන් පවා කිව්වා අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා කියල මොනවා උනත් කව්රු පැන්නත් අාවත් දිනන්නේ මහින්ද (නදී)
ඔය කව්රු ගියත් හින්ද රාජපක්ෂ දිනනවා. එකට ඉදලා බල තණ්හාවට ඔය යන්නේ. එතුමට වෙන්නෙත් සරත් ෆොන්සේකා මැතිතුමාට උන දේමයි. අන්තිමට ඔක්කොම අත ඇරලා පැනල යනවා. දැන් මිනිස්සුන්ට බස් වල බෝම්බ පුපුරපුවා මතක නැහැ (නදී)
ඔහොම ගියාම අනිත් අය එයාව පොදු අපේක‍්ෂකයා විදියට පිළිගනී කියලා හිතුවද දන්නෙ නැහැ නේද? (නි)
අනේ අපිට ඕවා කියන්න එපා (නි)
පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ආවත් එක්සත් ජාතික පක්ෂයට වැඩක් වෙනවාද?(හේ)
මෙහෙවු රටේ මෙතුමා ගැන අපි කොහොම විශ්වාස කරන්නද? (නි)
ඔහොම දයාසිරිත් කීවනේ මතකද (නදී)
එජාපයත් එතුමා ආවත් බාර ගන්නෙත් නෑ. (නදී)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
'විධායක බලතල අහෝසි කිරීම කලේ නැත්නම් ආණ්ඩුවෙන් එලියට ඇවිත් ස්වාධීනව කටයුතු කරනවා. එහෙම නම් කොළඹ තිබුන සමුලුවට යන්න තිබුන නේ. හිනා යන කතා. (නදී)
හැමදාම වෙන්නේ ඉන්න කට්ටියම එහාටයි මෙහාටයි පනින එකනේ. මීටවඩා හොඳ නැද්ද ජනතාව කැමති නියෝජිතයින් අරගෙන ජනතා කැමැත්ත දිනාගන්නවා නම්? (නි)
රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ ආර්ථික බරක් නොමැතිව ජීවත්වෙන්න. නමුත් සිද්ධවී තිබෙන්නේ එම ප්‍රශ්න වලට වඩා අපේක්ෂකයා කවුද, තුන්වන වර පුළුවන්ද කියන ප්‍රශ්න රටේ ගොඩගසාගෙන මුදලත් කාලයත් කාබාසිනියා වෙමින් ජනතාවට දුකම උරුමවීමයි... (නි)
ඔය කවුරුත් එකම දේශපාලන සංස්කෘතියක කට්ටිය තමයි. විශ්වාස කරන්න පුලුවන්ද? (නි)
ඒ වුණාට මුලින් යන්නේ නැහැ කියලා කියූ අය ඕනෑතරම් ගිය රටක් මේක......... (නි)
අතු ටිකක් හයියෙන් හොලවපුවාම පලදාව බිමට වැටෙනවා වගේ ? ඔහොම ප්‍රචාරේ ඇරියාම එයාම දන්නවා ටිකක් ප්‍රසිද්දවෙන්න පුළුවන් කියලා, අනේ අපිට මොකද ? (නදී)
මට නම් මේ කිසි කෙනෙක් කියන කතා විශ්වාස නැහැ (නි)
සන්ධානේටත් එපා. නිකම්ම ඉන්න එක හොඳයි. (නදී)