(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රී පුතෙකු ඇතුළු කණ්ඩායමක් දලුව නිර්මලපුර බොදු සුසාන භූමියේ නාම පුවරු ගලවා දමා, දලුව අන්තර් සමුද්‍ර පිරිවෙනේ සාමණේර ස්වාමීන් වහන්සේලාට බැන තර්ජනය කළ බවට එම විහාරස්ථ දායක සභාව නොරොච්චෝල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි.
කල්පිටිය ශාසන ආරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධිකාරී සහ අන්තර් සමුද්‍ර පිරිවෙනේ විදුහල්පති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ප්‍රකාශ කළේ තමා විහාරස්ථානයේ සහ පිරිවෙනේ නොමැති අවස්ථාවක මෙම සිදුවීම සිදුව ඇති බවයි.
එසේම ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුතෙකු ඇතුළු තරුණයන් තිදෙනෙකු මෙම සිදුවීමට සම්බන්ධ බවයි. එම සිදුවීමෙන් පසුව සැකකරුවන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විහාරස්ථානය ඉදිරිපිටට පැමිණ සෙල්ෆි ඡායාරූප ද ගෙන තිබේ.
මේ පිළිබඳව නොරොච්චෝල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.මවුශාන් මහතාගෙන් විමසීමේ දී දැනගන්නට ලැබුණේ සැකකරුවන් භාව්තා කළ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැක කරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කළ බවයි.
මේ අතර විහාරාධිපති, ලේඛකාධීකාරී සුමිත්ත හිමියන් චෝදනා කර සිටියේ දේශපාලන බළපෑම් මෙම පොලිස් පරීක්ෂණවලට එල්ල වී ඇති බව යි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සාමණේර හිමිට තර්ජනය කළ මන්ත්‍රී පුතා සොයා පරීක්ෂණ