(දිනේෂ් උපේන්ද්‍ර)
බලපත්‍ර නොමැතිව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් 5 දෙනෙකු අගෝස්තු 31 දා තෙක් රක්‍ෂිත බන්ධානාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය අද(28) නියෝග කළාය.
කුලියාපිටිය හෙට්ටිපොළ පාරේ පිරිවෙන අසළ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක කාන්තාවන් 5 දෙනෙකු එලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.
ඔවුහු ඉඟුරුවත්ත, පන්ලියද්ද, මහනුවර, වැලිවේරිය, බදුල්ල යන ප්‍රදේශවල අය වෙති.
නඩුව කැඳවෙන එළඹෙන 31 දා වනවිට සැකකාරියන් සම්බන්ධව සමාජ රෝග වාර්තාවක් කැඳවීමටද මහේස්ත්‍රාත්වරිය එහිදී නියම කළාය.
සැකකාරියන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ මහතුන් කියාසිටියේ අදාළ ස්ථානයට බලපත්‍ර ඇති බවත් එම ස්ථානය ආයුර්වේද කොමසාරිස්වරයාගේ වැටලීම් බාර නිලධාරීන්ට මිස පොලිසියට වැටලීමට කිසිදු බලයක් නොමැති බවය. නිරෝධායන නීති කඩ කළා නම් එය පොලිසිය විසින් ඇප ලබාදිය හැකිව පවතින චෝදනාවක් බවද එහිදී නීතිඥවරු කරුණු දැක්වූහ.
වැටලීම කරන අවස්ථාවේදී කිසිදු බලපත්‍රයක් තිබී නොමැති බවත්, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතා උපාය ධූතයෙක් යවා කළ වැටලීමේදී අනාවරණය වූ කරුණු අනුව එම ස්ථානයේ ගණිකා නිවසක් ලෙස සැකකිරීමට ප්‍රමාණවත් තරම් කරුණු අනාවරණය ව තිබූ බවත්, පොලිසිය ඊට පිළිතුරු ලබාදෙමින් අධිකරණයට කරුණු දැක්වීය. එමෙන්ම මෙම ස්ථානය පිළිබඳව කුරුණෑගල ආයුර්වේද කොමසාරිස් වරයාගෙන් වාර්තාවක් කැඳවිය යුතුව පවතින බවත් නිරෝධායන නීති කඩ කිරීමට අදාළව හා බලපත් නොමැතිව සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධවද ඉදිරියේදී කටයුතු කරන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙම නඩුවේ පැමිණිල්ල පොලිස් කොස්තාපල් සමරසේකර(11627) මහතා විසින් මෙහෙයවූ අතර නීතිඥවරුන් වූ චම්පික ලසිතකුමාර, උපුල් අලගියවන්න, ජානක වත්තේගෙදර, විභූති සාරානාත් යන මහත්වරු පෙනීසිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සම්බාහන මුවාවෙන් ගණිකා නිවාසයක් පැවැත්වූ කතුන් 5දෙනෙකු රිමාන්ඩ්