සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු කළ රඟපැමක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය න්‍යෂ්ටික වෛද්‍ය ලක්ෂ්මන් වටවන මහතා පවසයි.
ලක්ෂ්මන් වටවන මහතා මෙසේ පැවැසුයේ සයිටම් ආයතනයට විරුද්ධව පේරාදෙණිය ගලහ හන්දියේ දී විශ්ව විදයාල ආචාර්‍යවරුන්ගේ නිහඩ විරෝධය අවසන් වී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එම වෛද්‍යවරයාට වෙඩි තැබීම සදහා පාතාලයෙන් කෙනෙකු පැමිණියානම් පසෙකට වෙඩි තබන්නේ නොමැතිව රථයේ විදුරුව කඩා හෝ වෙඩි තබන බවත් මෙය ඔහු විසින් සයිටම් විරෝධී අය කළ පහරදීමක් බව රටට කියා පෑමට ඔහුගේම සාමාජිකයකු ලවා කළ බොරු රගපෑමක් බවත් වෛද්‍යවරයා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් අපි මේවා අහගෙන සද්ද නැතුව ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
මේක රඟපෑමක් කියලා දන්නවා නම් පොලිසියට පැමිණිලි කරලා නීතිමය ක්‍රියාමාර්ග අරගන්නේ නැතුව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ ලබාදෙන අයගේ දැනුම ගැන හිතාගන්න පුළුවන් (නි)
මේ බෝඩ් වල ලියලා තියෙන ඒවා දැක්කම කියන්න පුළුවන් මෙතන ඉන්නෙත් හොඳ නළුවෝ බව. (නි)
විශේෂඥයින් මඟින් පරීක්ෂණයක් කරන්න (නි)
දැන් මේ අදහස් දක්වලා තියෙන අයගෙ පවුල් වල කීප දෙනෙක් වළපල්ලට ගිය දවසට ආපහු සයිටම් දොස්තරලට බනින්න පටන්ගනීවි හොර උපාධි කියලා. අදහස් විතරයි මොළේ නැහැ. (නි)