IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


සිසුන් 12ක් අනතුරට ලක් කළ බීමත් රියැදුරු යළිත් රිමාන්ඩ්

(ක.ග.කරුණාරත්න)

අරලගංවිල, බෝගස්වැව ප්‍රදේශයේදී පාසැල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 11 දෙනෙකුට තුවාල වන පරිදි බීමත්ව  කැබ් රථයක් පදවා  මාරක රිය අනතුරක් කළ රියැදුරා සැප්තැම්බර් 7 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්‍ධනාගාර ගතකරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද(24) නියෝග කළේය.
 
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මොණරාගල, දඹගල්ල, දෙලිව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රංහොටි බණ්ඩාරලාගේ විමලසේන 47 යන අයයි.
 
අගෝස්තු 9දින අරලගංවිල බෝගස්වැව ප්‍රදේශයේ පිහිටි අධ්‍යාපන උපකාරක පන්තියකට සහභාගී වී ආපසු නිවෙස් බලා යමින් සිටි සිසුන් කිහිපදෙනෙකු අරලගංවිල බෝගස්වැව මාර්ගයේදී සැකකාර රියැදුරා විසින් පදවාගෙන පැමිණි කැබ් රථයෙහි ගැටී අනතුර සිදුව තිබිණි. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ 11 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනෙ, අරලගංවිල, රත්මල්තැන්න, අංක14එච් කොටස ප්‍රදේශයේ පදිංචි රාජපක්‍ෂ මුදියන්සේලාගේ හසින් දේශාන් කරුණාතිලක නැමැති 16 හැවිරිදි පාසැල් සිසුවා අනතුරින් මරණයට පත්වූ අතර තවත් සිසුහු 11ක් තුවාල ලැබූහ.
 
රිය අනතුර සම්බන්‍ධයෙන් අරලගංවිල පොලීසිය කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව අද(24) දක්වා රක්ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙසට නියෝග කෙරිණි.
 
අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ රියැදුරා බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්‍ෂණවලින් තහවුරුවී ඇති බවත් මෙම අනතුරට හේතුව කැබ් රථයේ රියැදුරු බීමත්ව අපරීක්‍ෂාකාරීව රිය පැදවීම බව විමර්ශනවලදී අනාවරණයවී ඇති බවත්, පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
 
මිය ගිය පාසැල් සිසුවාගේ මරණය සම්බන්‍ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණයේ සාක්කි විභාගය සඳහා අද දිනයේ  නඩුව  කැඳවනු ලැබූ අතර එහිදී සිසුවාගේ පියා, සිද්ධිය ඇසින් දුටුවන් ඇතුළු 7 දෙනෙක් මෙහිදී සාක්කි ලබා  දුන්හ.
 
පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, ජෙෂ්‍යඨ පොලිස් අධිකාරී, නීතිඥ රුවන්ගුණසේකර මහතා පැමිණිල්ල මෙහෙයැවූ අතර රිය අනතුරක් කර මනුෂ්‍ය ඝාතනයක් කිරීම  සම්බන්‍ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකරන බව ඒ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
 
ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර මහතා සමඟ අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ .පී.ඩබ්ලිව්.ප්‍රේමලාල් රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක ජී.ආර්.ජී.නෙත්තසූරිය මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි අතර විත්තිකරු වෙනුවෙන් අරවින්ද හබග්ගල, ශාන්ති පෙරේරා යන නීතිඥවරු පෙනී සිටියහ



අදහස් (1)

සිසුන් 12ක් අනතුරට ලක් කළ බීමත් රියැදුරු යළිත් රිමාන්ඩ්

arschfikaa Monday, 24 August 2020 10:34 PM

කිසිම නඩුවක් පවත්වන්නේ නැතුව මොහු එල්ලුම්ගස් යවමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 409 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 441 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 540 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 393 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site