IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


සිසුවා සපා කෑ බල්ලාගේ අයිතිකරුට දඩය රුපියල් 50 යි

(ඩී.ජී.සුගතපාල)
 
නිවසේ ඇති කරන සුනඛයා  ගාල්ලේ විදුහලට නිදැල්ලේ යවා,  4වන ශ්‍රේණියේ සිසුවෙකු සපා කා බරපතල තුවාල සිදුකිරීමට ඉඩ සැලැස්වීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය රුපියල් 50 දඩයක් නියම කර කූඩුවක දමා සුනඛයා ඇති කරන ලෙසත් පාසල් දිනවල සුනඛයා එළියට නොදමන ලෙසටත් අද (08)නියෝග කළාය.
 
මෙසේ දඩ නියම වුයේ ගාල්ල රිච්මන්ඩ් කන්ද පදිංචි එම්.ඩබ්ලිව්.ඩී.ඉන්ද්‍රජිත් නමැති විත්තිකරුවෙකුටය.
 
තම සුනඛයාගෙන් මනුෂ්‍ය ජීවිතයට අන්තරායක් වන බරපතල තුවාල විය හැකි පරිදි අපරීක්ෂාකාරී හා නොසැළකිලිමත් ලෙස  ඉකුත් සැප්තැම්බර් 30වැනි දින රිච්මන්ඩ් විදුහලට නිදැල්ලේ යැවීමට ඉඩ සළස්වා, සුනඛයා විසින් 4වන ශ්‍රේණියේ සිසුවෙකු සපා කා දරුණු තුවාල සිදුකරන ලද සිදුවීම සම්බන්ධයෙන් 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136(1)(ආ)වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
 
ගාල්ල මහ නගර සභවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන සී.එම්.එස්.ගුරුගේ සහ ඉන්දික චාමින්ද යන  මහත්වරුන් විසින් මෙම නඩුව පවරා පැමිණිල්ල මෙහෙයවන ලදි.



අදහස් (3)

සිසුවා සපා කෑ බල්ලාගේ අයිතිකරුට දඩය රුපියල් 50 යි

Nuwan Thursday, 08 October 2020 12:26 PM

මේ වගේ විහිළු ලංකාවේ විතරයි...

:       0       2

fairoos Thursday, 08 October 2020 12:34 PM

ඒ ළමයාගේ බෙහෙත් වියදම ඊට වඩා වැඩි ඇති.

:       0       2

krishantha Thursday, 08 October 2020 03:20 PM

අනේ මන්දා, අපේ නීති අලුත්විය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 409 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 441 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 539 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 392 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 864 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 391 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 545 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site