(කුෂාන් ජයවර්ධන)
කැකිරාව පලාගල ප්‍රදේශයේ අස්වනු නෙලීමට ආසන්නව තිබූ වගාබිමක මිය ගොස් සිටි වල් අලියෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) පස්වරුවේ වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය පශු වෛද්‍ය ඉසුරු හේවා කෝට්ටගේ මහතා විසින් පවත්වනු ලැබීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ අලි රංචුවේ සිටි වයස අවුරුදු 15ක් පමණ වන අලියෙකි.
හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් ඒම අලියා මිය ගොස් ඇති බව පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී පශු වෛද්‍යවරයා විසින් නිගමනය කරනු ලැබීය.
අලියා මිය ගොස් සිටියේ අස්වනු නෙලීමට ආසන්නයේ පැවැති ඒම වගා බිම මැද නිසා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා එම අලියාගේ සිරුර වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාමට සිදුව තිබිණි.
කෙසේ වෙතත් වගා බිමේ හිමිකරුවන්ට ඉන් සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සදහා වගා බිම් හිමිකරුවෝ ඉදිරිපත්ව ඒම වගා බිමේ තිබූ අස්වනු පීදී නිම වූ ගොයම් කපා ඉවත් කර ගැනීමට කටයුතු කළහ.
ඒ අනුව ගොයම් සහිත කුඹුරු යාය මැදින් ගොයම් කපා ඉවත් කර සකසා ගත් මාර්ගයක් ඔස්සේ අලියාගේ සිරුර තිබූ ස්ථානය දක්වා ජේසීබී යන්ත්‍රයක් රැගෙන ගොස් ජේසීබී යන්ත්‍රය ආධාරයෙන් ඒම අලියාගේ සිරුර වගා බිමෙන් පිටතට ගැනීම සිදුකෙරිණි.
එතැන් පටන් එම අලියාගේ සිරුර ජේසීබී යන්ත්‍රය ආධාරයෙන් ඔසවාගෙන කලාවැව ගලේවෙල ප්‍රධාන මාර්ගය ඔස්සේ ගෝණදෙණියාගම බෙල්ලන්කඩවල වැව් ඉස්මත්ත තෙක් රැගෙන යාමට වනජීවී නිලධාරීන්ට සිදුව තිබිණි. වනජීවී පශු වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ඒම අලි සිරුර ප්‍රවාහනය කිරීම සිදුකෙරිණි. ජේසීබී යන්ත්‍රය ආධාරයෙන් ඒම අලි සිරුර ප්‍රවාහනය කරන අවස්ථාවේ ඒම දුර්ලභ සිද්ධිය දැකබලා ගැනීමට ප්‍රදේශවාසීන්ද මාර්ගයේ ගමන්ගත් පිරිස් ද එක්ව සිටියහ.
ගෝණදෙණියාගම බෙල්ලන්කඩවල වැව් ඉස්මත්තේ දී ඒම අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසුව ඒම සිරුර ඒ වැව් ඉස්මත්තේදී මිහිදන් කෙරිණි.
දින 5ක් තුල කලාවැවේ අලි රංචුවේ සිට හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් මිය ගිය දෙවන අලියා වීමද විශේෂත්වයකි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හක්කපටස් පුපුරා යාමෙන් අලියකු මරුට