(ක.ග කරුණාරත්න,ඩබ්.ඒ.පියතිලක)
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත මහතා ද උප සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර මන්ත්‍රීවරයා තේරිපත් විය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. එම මන්ත්‍රී සංඛ්‍යාව 13කි.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා මංගල සැසිවාරය අද (6) පස්වරුවේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එම්. කොඩිප්පිලිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්ත්වයෙන් පැවැත්විණි.
එහිදී සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද වට දෙකක් පවත්වනු ලැබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත එම පක්ෂයේ එල්.පී නවරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පියතිස්ස බණ්ඩාර යන මන්ත්‍රීවරු ඉදිරිපත් වූහ. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ඩී.ආර් උඩවත්ත මහතා ඡන්ද 16 ක්, එල්.පී නවරත්න මහතා ඡන්ද 14ක්, පියතිස්ස බණ්ඩාර මහතා ඡන්ද 13 ක් වශයෙන් ලබා ගත්තේය.
සභාපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා දෙවන වටයේ ඡන්දක් පැවති අතර එයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත සහ එල්.පී නවරත්න යන මන්ත්‍රීවරුන් දෙදෙනා පමණි.
එම ඡන්ද විමසීමේදී උඩවත්ත මන්ත්‍රීවරයා ඡන්ද 16 ක් ද එල්.පී නවරත්න මහතාට හිමිවූයේ ඡන්ද 10 ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 6 කින් ඩී.ආර් උඩවත්ත මහතා හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ව වශයෙන් තේරී පත් විය.
උප සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෝමරත්න පතිරාජ යන මහත්වරුන් ඉදිරිපත් වූ අතර ඡන්ද 17 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර මහතා උප සභාපති ධුරයට තේරී පත්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෝමරත්න පතිරාජ මහතාට හිමි වූයේ ඡන්ද 15 ක් පමණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිඟුරක්ගොඩ ප්‍රා.සභා පුටුව ශ්‍රීලනිපයට