IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


හඳුනා නොගත් රෝගයක් නිසා දඹුල්ලේ වගා විනාශයක්

(කාංචන කුමාර ආරියදාස)
 
ලොකු ලූනූ, වට්ටක්කා , මෑ කරල්, සෝයා බෝංචි ,උඳු , සහ බඩ ඉරිඟු ආදී බෝග වගාවන් රැසක  හඳුනා නොගත් රෝගයක්  ඇතිවීම හේතුවෙන් දඹුල්ල ප්‍රදේශය  ස්ථාන කිහිපයකම වගාවන් විනාශයට පත්වන බව ගොවීහු පෙන්වා දෙති.
 
මෙම වගා විනාශයන් පිළිබඳව මෙතෙක් කෘෂිකර්ම බලධාරීන්ගේ  හෝ අවධානය යොමුවී නොමැති බවත් මේ හේතුවෙන් එම බෝග වගා කළ ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව දඹුල්ලේ ගොවීහූ පෙන්වා දෙති.
 
දේශීය ලොකු ලූනු වගාවේ සාර්ථක ලූනු පැළවල පත්‍ර පිළිස්සි ලූනු ගස බිමට වැටි එකවරම දින කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම විනාශ වී යෑම මෙම රෝග වල ලක්ෂණ බවද ඔවුහූ පෙන්වා දෙති.
 
මෙම රෝගය ලොකු ලූනූ වගාව පුරා ව්‍යාප්ත වී  යාමේ තත්ත්වයක් හට ගෙන තිබෙන බවද ලොකු ලූනු ගොවීන් පෙන්වා දෙන අතර විවිධ කෘමි නාශක වර්ග සහ රසායනික බෙහෙත් වර්ග යෙදුව ද ඊට විසඳුමක් ලැබී නැතැයි ද කියති.
 
 ලොකු ලූනු වගාවේ මීට පෙර මෙවැනි ව්‍යසනයක් දැක ගැනීමට හැකි වී නැති බවද දේශීය ලොකු ලූනු ගොවීහූ වැඩි දුරටත් කියා සිටිති.
 
 එමෙන්ම උඳු සොයා බොංචි සහ මෑකරල් යන බෝගවල ඉතා සරුසාරව ගස වැඩී ඇතත් ඵලදාව නොමැතිවීම බරපතළ ප්‍රශ්නයක් පවතින බවද එම ගොවීන් කියයි.
ඇතැම් උඳු වගාවන් ඉතා අලංකාරව ඈතට දිස් වී තිබුණද මල් පිපී එම සැනෙන් සියුම් කරල් හටගෙන  පිළිස්සී විනාශ වී යෑමේ තර්ජනයකට මුහුණ පා ඇතැයි එම ගොවියෝ පෙන්වා දෙති.
 
මෑකරල් වගාවද  සරුවට වැවී එක වැලකට එක කරල බැගින් ඵල හට ගෙන තිබීම හේතුවෙන් අස්වැන්න ලබා ගැනීමට නොහැකි වී ඇතැයි දඹුල්ලේ මෑ කරල් ගොවීන්හූ  මැසිවිලි නගති.
 
මීට අමතරව බොහෝ වගාවන් වලට මේ තත්ත්වය බලපා ඇති බව ද එළවළු ගොවීන් පෙන්වා දෙන අතර වට්ටක්කා ගොවීන් කියා සිටියේ පත්‍ර සියල්ල කහපාටට හුරු වී ගෙඩි හට ගැනීමකින් තොරව මල් පිපී විනාශ වී යන බව ය.
 
තම අත කනකර බඩු උගසට තබා බොහෝ බලාපොරොත්තු ඇතිව වගාකළ වගාවන් මේ වන විට ඉතා සරුවට වැඩී ඵල දැරීම කින් තොරව තිබීම නිසා දැඩි කනස්සල්ලට පත්ව ඇති බව දඹුල්ලේ ගොවීහු වැඩි දුරටත් කියා සිටිති.
 
මෙම රෝග තත්ත්වයන් මීට පෙර තම වගාවන් හිදී දැක නොමැති බවත් මේ පිළිබඳව කෘෂිකර්ම බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුකොට වගාව බේරා ගැනීම සඳහා සහයෝගය ලබාදෙන්නැයි ගොවියෝ කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර සිටිති.

 



අදහස් (0)

හඳුනා නොගත් රෝගයක් නිසා දඹුල්ලේ වගා විනාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 409 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 441 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 540 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 393 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 228 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 65 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1091 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site