( මොහොමඩ් ආසික්)
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැට කෙටුම්පත අද (20) පැවැති එහි මාසික මහ සභාවේදී සභාපති ආනන්ද ජයවිලාල් මහතා විසින් සභා ගත කිරීමේදී සභාවේ දැඩි උණුසුම්කාරි තත්වයක් හට ගත්තේය.
මෙහිදී මුලින්ම අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අසංක කරුණාරත්න මහතා සඳහන් කළේ මෙම අයවැය කෙටුම්පත අද දින සභාවට ඉදිරිපත් කරන බව තමන් දැන නොසිටි බවත් මෙම කෙටුම්පත සකස් කිරීමේදි මන්ත්‍රිවරුන් දැනුවත් කර නොමැති බවත්ය.
කෙසේ නමුත් සභාපති ආනන්ද ජයවිලාල් මහතා මෙහිදී සඳහන් කළේ මෙම අයවැය කෙටුම්පත සකස් කිරිම සඳහා සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයද නියෝජනය වන අයුරින් මන්ත්‍රීවරුන් පත් කළ බවත් එම මන්ත්‍රීවරුන් මෙම කෙටුම්පත සකස් කිරීම සඳහා සහභාගී වූ බවත්ය.
කෙසේ නමුත් මෙම කෙටුම්පත අද දිනයේ සභාවට ඉදිරිපත් කරන්නේ සම්මත කර ගැනීමට නොව මන්ත්‍රිවරුන්ට අධ්‍යයනය කිරීම සඳහා බවත් යම් සංශෝධනයන් තිබේ නම් ඉදිරිපත් කළ හැක බවත් ඉදිරි දිනකදී විශේෂ මහ සභාවත් පවත්වා අයවැය සම්මත කර ගැනීමට පියවර ගන්නා බවත් සභාපති ආනන්ද ජයවිලාල් මහතා තව දුරටත් මෙහිදී කීය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිලක් රණසිංහ මහතා මෙහිදී සභාපතිවරයා සමඟ දැඩි වාග් හුවමාරුවකට එක් වෙමින් සඳහන් කළේ මෙම අයවැය කෙටුම්පත සකස් කර සභාවට ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය සුදුසු නොවන බවයි.
සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ද මෙම වචන හුමවාරුවට එක් වූ අතර පැය භාගයක් පමණ සභාව තුල එකම ඝෝෂාකාරි ස්වරූපයක් දක්නට ලැබිණ. කෙසේ නමුත් මෙම කෙටුම්පත සභාවේ විවාදයට වෙනත් දිනයක ඉදිරිපත් කරන බවට සභාපතිවරයා දැනුම් දිමත් සමඟ මෙම උණුසුම් තත්වය පාලනය විය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හාරිස්පත්තුව ප්‍රා.ස උණුසුම් වෙයි