IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හරිහැටි සේවය නොකරන මුරකරුවන් ඉවතට

(අජිත්ලාල් ශාන්තඋදය)

සබරගමු පළාතේ පාසල්වල ආරක්‍ෂාව සඳහා පත්කළ මුරකරුවන් සිය රාජකාරිය නිසි ලෙස ඉටුනොකරන්නේ නම් ඔවුන් තවදුරටත් මුර සේවයේ තබා නොගන්නා බව සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි.

මෙම මුරකරුවන් සේවයේ යෙදවීම සම්බන්‍ධයෙන් සියලූම පාසල් ප‍්‍රධානින් වෙත චක‍්‍රලේඛයක් මගින් දන්වා ඇති බව පැවසූ අමාත්‍යාංශ ලේකම්වරයා පාසල්වල රාත‍්‍රී කාලයේ මුර කිරිම සඳහා ඔවුන් වැඩි දෙනෙක් යොදවා ඇති බව ද කීවේ ය.
එහෙත් මීට මාස තුනකට පෙර ඇතිවූ ගංවතුර අවස්ථාවේ මෙම මුරකරුවන් පාසල්වල රාජකාරියේ යෙදී නොසිටීම නිසා මුරකරුවන් සිටි පාසල්වල ද පරිගනක ඇතුලූ පාසල්වල දේපල විශාල ප‍්‍රමාණයක් විනාශ වූ බව ඒ මහතා පැවසීය.

එක් පාසලක මුරකරුවන් දෙදෙනකු සේවය කරන්නේ නම් ඔවුන් දිවා සහ රාත‍්‍රී මුර වශයෙන් බෙදී සේවය කළ යුතු බව දැනුම් දී ඇතැයි කී ලේකම්වරයා එක් මුරකරුවකු පමණක් සිටින පාසල්වල එම තැනැත්තා සවස 06.00 සිට උදේ 06.00තෙක් අනිවාර්යයෙන් පාසලේ රාත‍්‍රී මුර සේවයේ යෙදිය යුතු බව ද කීවේය.

ඇතැම් මුරකරුවන් රාත‍්‍රී මුර සේවයට වාර්තා කර පසුව බැහැර යන බවට ලැබෙන චෝදනා දිනෙන් දින ඉහළ යන බව ලේකම්වරයා ප්‍රකාශ කළේය. රජයේ මුදල් වැටුප් ලෙස ගෙවමින් මෙම පිරිස සේවයේ යොදවන්නේ රාජ්‍ය දේපල රැකීමට මිස පුද්ගලයන් නඩත්තුවට නොවන බවත් මේ ආකාරයට නිකරුනේ වැටුප් ගෙවීමට රජය කිසිසේත් අනුමත නොකරන බවත් ඒ මහතා කීවේ ය.

ඉදිරියේ දී මෙම මුරකරුවන් සම්බන්‍ධයෙන් විශේෂ අධීක්‍ෂණ ක‍්‍රමවේදයක් අනුගමනය කර රාජකාරියට වාර්තා කර පාසල් තුළ මුරසේවය නොකරන මුරකරුවන් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව එ මහතා පැවසීය.



අදහස් (0)

හරිහැටි සේවය නොකරන මුරකරුවන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site