(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
2021 වසර සදහා හලාවත නගර සභාව විසින් අද ( 27) ඉදිරිපත්කරණ ලද අයවැය යෝජනා දෙවෙනි වරටත් වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.
නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතාගේ ( එජාප) ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර ඔහු විසින් එම අයවැය යෝජනා සභාව හමුවට ඉදිරිපත් කරන ලදී.
පසුව ඒ සදහා ඡන්ද විමසීමේදී අයවැය යෝජනාවට පක්ෂව පාලක එජාප මන්ත්‍රිවරුන් 7 දෙනාගෙන් 6 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එම පක්ෂයේ මන්ත්‍රි ඩබ්ලිව්.රීගන් ප්‍රනාන්දු මහතා සභාවට මෙදින ද පැමිණ සිටියේ නැත.
විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිපයේ මන්ත්‍රිවරුන් 6 දෙනා සහ ශ්‍රීලපොප නියෝජනය කරන මන්ත්‍රිවරුන් 6 දෙනාත් අයවැයට විරුද්ධව ඡන්දය පල කළ අතර ජවිපය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන කිංස්ලි ආනන්ද වික්‍රමසිංහ මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
මත්කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ඩබ්ලිව්. ස්ටැනිස් ලාවුස් ප්‍රනාන්දු මහතා (ශ්‍රීලපොප) සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ආරක්ෂිතව සභාව වෙත කැඳවා ගෙන පැමිණ තිබිම විශේෂ සිද්ධියක් විය.
මෙම අය වැය යෝජනා මුල්වරට පසුගිය 13 දා පැවැති රැස්වීමේ දි ද වැඩි ඡන්ද 13ක් ලබා පරාජයට පත් විය. එදින ජවිප මන්ත්‍රිවරයා විරුද්ධව ඡන්දය පල කර සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හලාවත නගර සභා අය වැය දෙවැනිවර පරාදයි