2016 වසරේ පළමු වසරට ළමයින් ඇතුලත් කර ගන්නා අද (14) දිනයේ සමස්ත සිසු පරපුරෙන් ලක්ෂ තුන හමාරක් අද පාසැල් ගියත් තවත් ළමයින් 2000 - 3000 ක් අතර ප්‍රමාණයක් පාසැල් ගියේ නැති බව ලංකා ගුරු සංගම් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
ළමයින් ඇතුලත් කර ගැනීමේ ප්‍රතිපත්ති වල ඇති යම් යම් ගැටලු නිසාත් සමහර පැසල් සංවර්ධන සමිතිවල ක්‍රියා කලාප නිසාත් මෙසේ සිදු වී ඇති බව ඔහු කියයි.
කෙසේ වුවත් මෙම තත්වය හැකි ඉක්මනින් මග හරවා පාසල් අහිමි සිසුන්ට කඩිනමින් තමනට හිමි පාසල්වන ළඟම හොඳම බවට පත් කර ගත යුතු බව ද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමුන් අැතුළත් කරගැනීමේදී වූ ගැටළු සාකච්ඡා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අංශයට පැමිණිය යුතු දින වලදී දෙමාපියන් බොහෝවිට රස්තියාදු වෙනවා. කවුද මේවා ගැන සොයා බලන්නේ? (නි)
මේවට වගකියන්න ඕනෑ විදුහල්පතිවරු නෙමෙයි. හොර ඔප්පු හදන අය. ඔප්පු ලියකියවිලි නීත්‍යානුකූල විදියට තියෙනවා නම් ඒවා හරිද වැරදිද කියලා බලන්න විදුහල්පතිවරුන්ට උසාවි ගානෙයි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල ගානෙයි යන්න බැහැ. එහෙම වුණොත් ළමයි ගන්න අවුරුද්දක කාලයක් යයි. වැරදි ලියවිලි හදන එකයි නවත්වන්න ඕනෑ. (නි)