IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


විප්ලවවාදියකුගේ නඩු විභාගය

සිලුවටය -15

 

(i) (පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි
විනය ගැන නොසලකයි
හිතුමතේ වැඩ කරයි
හැසිරීම අසතුටුදායකයි

 

(ii) (පන්සලේ රපෝර්තුව)

විචිකිච්චාව, පව් සිතක ලකුණු මැයි
හඳහනද පින් මඳ යැ
වාතයා- රක්තයා කිපී ඇත
දේව ධර්මය නොදන්නී
බුදුන් සරණ යෙමියි බුත්සරණ යා යුතු

 

(iii) (උසාවියේ රපෝර්තුව)

(අ) නීතිය බිඳින්නට තැත්කර ඇත්තේය.
(ආ) සාමය-සමාදානය කඩකොට ඇත්තේය.
      - සත්‍යය, සම්පූර්ණ සත්‍යයේ නාමයෙන්
(ඇ) කස පහර දිය යුතුය.
(ඈ) යහපත් පුරවැසියකු කළ යුතුය.

 

(iv)(වෛද්‍යවරයාගේ රපෝර්තුව)

රෝගියෙකි.
මානසික ප්‍රතිකාර නිර්දේශ කරමි.
පෝබියා, මේනියා, පැරනොයා, හිස්ටීරියා
නියුරොටික්-සයිකොටික්
ඇබ්නෝමල්-ක්‍රිමිනල්
චර්යාව අස්වාභාවිකයි.

මානසික සැත්කමක් කළ යුතුය
ආවේග මර්දනය කළ යුතුය
නින්දට පෙර
පෙනබාබිටෝල් පෙති දෙනු:

 

(v) (විත්තිකරුගේ ප්‍රකාශය) 

ගොළුබෙල්ලෙක් නොකරව් මා
ශෛලයන් කපා දා
බියගුල්ලෙක් නොකරව් මා
දේව ධර්මය දෙසා
මී හරකෙක් නොකරව් මා
මුසා දම් කර ගසා
"හොඳ ළමයෙක්" නොකරව් මා
දෑත කට බැඳ දමා

සොක්‍රටීස් මෙන් ප්‍රශ්න නගන්නට 
ඉඩ දියෝ
ඩේකාට්ස් වගේ සැක කරන්නට
ඉඩ දියෝ
ගඟක් මෙන් ගසාගෙන යන්නට
මට ඉඩ දියෝ
පිහියක් මෙන් පලාගෙන යන්නට
මට ඉඩ දියෝ

පුරුෂ ලිංගයක් සේ
මතුවෙන්නට ඉඩ දියෝ !

| අකීකරු පුත්‍රයකුගේ ලෝකය (1974)



අදහස් (0)

විප්ලවවාදියකුගේ නඩු විභාගය

ඔබේ අදහස් එවන්න

සිලුවටය

උඳුවප් ඇවිල්ලා
2024 සැප්තැම්බර් මස 03 123 0

උඩ හේනේ කඩුල්ල ළඟ පුංචි අපේ ළිඳ අද්දර අඹ ගස්වල මල් පිපිලා කහ රෙද්දක් වනපු ලෙසට මල්ලන උඳුවප් ඇවිදින් අපේ ඇඟපත කුද්දන්ට සඳවතියේ කල් ඇවිදින් නැවුම් පොළ


ලීස්තර වැට
2024 අගෝස්තු මස 27 217 0

පඩිපෙළින් උඩඟු කළ මහගෙදර ආලින්දේ ලී කුලුනු යා කර ලීස්තර වැට මැදින් නෙත් හෙලමි අදත් මම කුඩා දරුවකු ලෙසින් පාළුවෙන් පුරන් වූ ඈත වෙල්එළිය වෙත


පොඩි මල්ලියේ
2024 අගෝස්තු මස 20 231 0

කුරුල්ලො අඹලා සත පනහේ කුලිය ගන්ට ගල් දුන්නත් අතට අරන් දවස පුරා වෙලේ රකින පොඩි මල්ලියෙ


රාහුලො ජාතො
2024 අගෝස්තු මස 13 214 0

’’බුදු බව පැතුවෝ, දරු දුක නැද්දො’’ මා නොසොයා පුත නිදියන් සියුමැලි සදා එළිය පිරි ලොවක් සදා දෙමි


හඳ සහ නිව්යෝර්ක් නුවර
2024 අගෝස්තු මස 06 224 0

කළු ගැහී තරගයට ඉහළ ගිය සිමෙන්ති බිත්ති මිසක ඇසට නිලට අහසක් ගහක් කොළක් අවටක් නැත නිව්යෝර්ක් නම් පුරවර සියක් මහල් එක්ටැම් ගෙය මුදුනේ දොර ජනෙල් වසා සිරකළ


අබිනික්මන
2024 ජුලි මස 30 124 0

දුර බැහැර ගමනක්ය දුක පිරුණු ගමනක්ය අඳුරකින් අඳුරකට මාරු වුණු ගමනක්ය


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site