ආගමික හමුවක් ලන්ඩනයේ By None // 2012 නොවැ 20 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩන් බෞද්ධ විහාරය අන්තර් ආගමික සතිය සැමැරීය. මහා බ්‍රිතාන්‍යයේ සංඝනායක හා විහාරාධිපති බෝගොඩ සීලවිමල නා හිමියෝ සිය දායකයන් හා එක්ව මෙම වැඩ පිළිවෙළ සංවිධානය කළහ. ආගමික සමගිය හා එකමුතුකම වෙනුවෙන් පැවැති මේ සමුළුවට මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ද සහභාගි විය. එහිදී සාමයේ පහන දැල්වි‚ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම් ,සීක ආගම් නියෝජිතයෝ දේශන, පිරිත්, යාච්ඤා ආදියෙන් සමගියේ හා ලෝක සාමයේ වැදගත්කම පෙන්වා දුන්හ. ලන්ඩන් බෞද්ධ විහාර දහම්පාසල් සිසුහු ධම්මපදයේ ගාථා ඉදිරිපත් කළහ. ලෝක සාමය සඳහා බොදු දැක්ම මැයෙන් අසංක මුණසිංහ ද ලන්ඩනයේ ලංකා ක්‍රිස්තියානි සංගමය වෙනුවෙන් චාමේන් ජයතිලක ද, කුසුම් සුබසිංහ හා ඤානිස් සුබසිංහ ද කතා කළහ. කෝන්වැවේ ආරියරතන හිමියයෝ ස්තුති කතාව කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත