ඇඟලුම් බසය-සිසු සැරිය ගැටී 19 ක් රෝහලේ


(දයාරත්න ඇඹෝගම සහ උපුල් හේරත් )

අනුරාධපුර,පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේදි පාසල් සිසුන් රැගෙන යමින් සිටි සිසු සැරිය බස් රථයක් හා ඇගලුම් සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයක් එකිනෙ ගැටිමෙන් ගැටිමෙන් පාසල් සිසුන් සිවු දෙනෙකු,කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා අද (15) රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි.

පාසල් සිසුන් රැගත් සිසුසැරිය බස් රථය පාසල් සිසුන් නංවා ගැනිම සදහා ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේ නවතා තිබියදි ඒ පිටුපසින් පැමිණි ඇගලුම් සේවිකාවන් රැගත් බස් රථය සිසුසැරිය බස් රථයේ පිටුපස ගැටි මෙන් මෙම අනතුර සිදුව තිබුණි.

එම අනතුරින් සිසුසැරිය බස් රථයේ ගමන්ගත් සිසුන් සිවු දෙනෙකුත් එම බස් රථයේ රියදුරා සහ ඇගලුම් හල් සේවිකාවන් පැමිණි බස් රථයේ ගමන්ගත් කාන්තාවන් 14 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

ඇගලුම් කම්හල් සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.