(සිසිර ලලිත් කුමාර)

කොත්මලේ, කොටගේපිටිය සිට කඩදොර දක්වා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් අද සවස 6:00 ට පමණ අඩි 500 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොටගෙපිටිය උතුර, තුසිත හෙරත් නමැති අයකු සහ ගම්පොළ, නයාපාන සමෘද්ධි නියාමකවරියක වූ චාන්දනී නවරත්න නමැති 50 හැවිරිදි කාන්තාවකි.

අනතුර සිදුවූ වහාම තුවාල ලබා සිටි 50 හැවිරිදි චාන්දනී නවරත්න මහත්මිය සුවසැරිය ගිලන් රථය මගින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොළ මූලික රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.

එමෙන්ම කැබ් රථයට යටවී මියගොස් සිටි තුසිත හෙරත් මහතාගේ මෘත ශරීරය ප්‍රපාතයෙන් ගොඩගැනීම සඳහා අටභාග ආපදා කඳවුරේ භට පිරිසක් පැමිණ මළ සිරුර මාර්ගය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.