(රන්ජන් කටුගම්පොල)

සංශෝධිත බන්ධනාගාර නිත්‍ය නියෝග යටතේ සිරගත වූ පසු භික්ෂුවකට සිවුර පැලදිමෙදි ගත යුතු පියවර පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙනි කරුණු විමසා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියොග කළේය.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුත්තකට අධිකරණයට ඉදිරිපත් කරන විට සියුර අන්දවා ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිමිවරුන් පිරිසක් ගොනුකොට ඇති පෙත්සම් ත්‍රී පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා මහේන් ගොපල්ලව ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබැලිණ.

මහාචාර්ය ඉදුරුගාරෙ ධර්මරත්න තීනියාවල පාලිත දඹර අමිල උලපනේ සුමංගල අවුළුගල ජිනානන්ද අගලකඩ සිරිසුමන යන හිමිවරුන් විසින් ගොනුකොට තිබූ මේ පෙතසම්වල වග උත්තරකරුවන් වශයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

මෙම පෙතසම අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙතසම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි.