කෝටි තුනක බීඩි කොළ කුදුරමලේ මුහුදු කලාපයෙන් හමුවෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

වනාතවිල්ලුවට පුක්කුලුමට නුදුරින් කුදුරමලේ තුඩුවට ඔබ්බෙන් වු මුහුදු කලාපයෙ දී මෙරටට රැගෙන එමින් තිබු රුපියල් කෝටි තුනකට ආසන්න බිඩි කොල තොගයක් සමග ඉන්දීය ධීවරයින් තිදෙනෙකු හා ඩව් යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදා අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මසුන් මැරීමේ මුවාවෙන් ඉන්දීයාවේ සිට නීති විරෝධී අයුරීන් මෙරටට රැගෙන එමින් තිබු රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් බිඩි කොළ කිලෝ 2689 ක් බව නාවික හමුදාව පවසයි.

මෙරටට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් මැරීමේ නිරත වන බව අගවමින් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් මුහුදු සිමාවේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් හා ඩව් යාත්‍රාවක් බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් අදාලඩව් යාත්‍රාව හඹා ගොස් අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදි බිඩි කොළ තොගය සොයා ගැනිමට සමත්ව තිබුණි.