තණමල්විල දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයා ගැන පරීක්ෂණයක්


 (සනත් ගමගේ)

තණමල්විල දැරිය පිරික්සූ  හම්බන්තොට මහ රොහලේ වෛද්‍යවරයා සම්බන්දයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවෙන් හා රෝහල් මට්ටමින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ  වෛද්‍ය අධිකාරී අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.

පිරිමි ළමයි දාහත් දෙනෙකු අතින් වරින් වර ලිංගික අතවරයට ලක් වූයේ යැයි කියන තණමල්විල පාසලක දැරියක් වෛද්‍ය පරීක්ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලට යොමු කිරිමෙන් පසුව දැරිය පරීක්ෂා කල වෛද්‍ය වරයා දැරිය බිය වද්දවා , නොමනා හැසිරීම් සිදු කිරිමක් මත ඇය සිය දිවි හානී කර ගැනීමකට තැත් කලායැයි කියන සිද්ධියක් සම්බන්දයෙන්  දැරියගේ මව විසින් කරන ලද පැමිනිල්ලක් මත සෞඛ්‍ය දෙපාර්තු මේන්තුවේ උපදෙස් යටතේ මෙම අපක්ෂපාති පරීක්ෂනය රෝහල අභ්‍යයන්තරයෙන් පවත්වන බවත්, දෙපාර්තු මේන්තු මට්ටමින් වෙනමම පරීක්ෂණයක් සිදුකරගෙන යන බවද රෝහල් අධ්‍යක්ෂ වරිය සඳහන් කළාය.

වින්දිත දැරියගේ වෛද්‍ය පරීක්ෂන කටයුතු  අපක්ෂපාති ලෙස සිදුකිරිම සඳහා තණමල්විල දැරිය සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් යටතේ කොළඹ රිජ්වේ ආර්යා  ළමා රෝහලට මාරුකර යැවීමටද   අවශ්‍ය කටයුතු සකස් කර ඇති බවද අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.