( ටී.කේ.ජී.කපිල )
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
විස්සයි විස්ස පළමු තරගය 09 දිනත් , දෙවන තරගය 10 දිනත් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතය .
එක් දින සීමිත ඕවර් 50 පළමු තරගය 13 දින දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ත් , ඉතිරි තරග දෙක 17 දින සහ 19 දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරග ලෙසත් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කර තිබේ .
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 12 දෙනෙකු ඊයේ (04) දින රාත්‍රී 11.30 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි