(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අත්තනගල්ල බස්නාගොඩ ජලාශය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්කරු ඉදිරිපත් කළ රුපියල් කෝටි 209 ක ලන්සුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත කෝටි 234ක් දක්වා වැඩිකර පිරිනැමීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) විමර්ශන අරඹා ඇත.
මේ සම්බන්ධයෙන් කමිටුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් පසුගියදා කරුණු විමසා සිටියේය.
එහිදී එම ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ ගණනයේදී යම් අත්වැරදීමක් සිදුව ඇති බවයි. ඒ නිවැරදි කිරීමට කටයුතු කරන බවද ඔවුහු සඳහන් කළහ.
මේ අතර ගිං නිල්වලාව්යාපෘතියේ ඇස්තමේන්තුවෙන් සියයට 4.35 ක වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ගෙවා තිබුණද එම ව්‍යාපෘතිය ආරම්භ නොකිරීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය පළවිය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනුගමනය කරන ගෙවීම් පටිපාටිය රජයේ මුදල් රෙගුලාසිවලට අනුකූල නොවීම සම්බන්ධයෙන්ද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමු විය.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 7 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
තවද රුපියල් කෝටි 35 කට වැඩි වටිනා චෙක්පත් 1177ක් ප්‍රාදේශීය ඉංජිනේරු නමට නිකුත් කිරීමෙන් පසු රේඛනය අවලංගු කළ කොට්ඨාස සහකාර ඒවා මුදල් කරගෙන තිබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කමිටු සභාපතිවරයා නිලධාරීන්ට නිර්දේශ කළේය.