මාස අටට ලක්ෂ 13ක් සිරි නරඹන්න එයි


(නිමල කොඩිතුවක්කු)

සංචාරකයින් 1,271,432ක් වසරේ මේ දක්වා කාළය තුළ මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

අගෝස්තු මාසයේ මේ දක්වා  පමණක් සංචාරකයින්  73,373 ක් පැමිණ ඇතැයිද එම අධිකාරිය පවසයි.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 237,649කි.

රුසියාව, ඉන්දියාව, ජර්මනිය, බි්‍රතාන්‍යය, චීනය,  ප්‍රංශය, ඕස්ටේ්‍රලියාව  ආදී රටවලින්  මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇතැයිද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ජනවාරි මාසයේදී සංචාරකයින් 208253ක්, පෙබරවාරි මාසයේදි සංචාරකයින් 218350ක්, මාර්තු මාසයේදී සංචාරකයින් 209181ක්, අප්‍රේල් මාසයේදී සංචාරකයින් 148867ක්, මැයි මාසයේදි සංචාරකයින් 112128 ක් ජූලි මාසයේ සංචාරකයින් 187810 ලෙස මෙරටට පැමිණ තිබේ.

2023 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහතර ලක්ෂ අසූහත්දහස් තුන්සිය තුනකි.