(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එලඹෙන සැප්තැම්බර් මස 21 වෙනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා අද (14) දින සිට පොලිස් මුරපොළක් පිහිටුවන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
රජයේ මුද්‍රණාලාධිපති චන්ද්‍රාණි ලියනගේ මහත්මියගේ ලිඛිත ඉල්ලීමක් අනුව බොරැල්ල පොලිසියට අනුයුක්ත කර මෙම පොලිස් මුරපොළ පිහිටුවන අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගෙන් සමන්විතව පොලිස් නිලධාරීන් 60 - 70 ත් අතර ප්‍රමාණයක් ඒ සඳහා යොදවන බව හෙතෙම පැවසීය.
ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 10 දෙනකු පමණ යෙදවීමටද නියමිතය.එම පොලිස් මුරපොළ ජනාධිපතිවරණය නිමවන තෙක් ස්ථාපිත කිරීමටද නියමිතය.