(ශාන්ත චන්ද්‍රසිරි)
පුඬළුඔය, ෂීන්වත්තේ වතුයායේ වතු නිවාස පෙළක හටගත් ගිනි ගැනීමකින් වතු නිවාස 17ක් විනාශයට පත්ව තිබේ.
මෙම ගිනි ගැනීම ඊයේ (16) රාත්‍රියේ හටගෙන ඇති බවත්, මේ හේතුවෙන් එම නිවාසයන්ගේ පදිංචිව සිටි පවුල් 27ක පුද්ගලයන් 87කු අවතැන්ව සිටින බව පුඬළුඔය පොලීසිය සඳහන් කරයි.
මෙම නිවාස පෙළේ වතු නිවාස අටක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව, තවත් නිවාස නවයකට දැඩි හානි සිදුව ඇති අතර, එම නිවාසයන්යන්ගේ පදිංචිව සිටි වතු කම්කරුවන්ගේ දේපළ රැසක් ගිනි ගැනීමට ලක්ව විනාශයට පත්ව තිබේ.
නිවාස 24ක් සමන්විත මෙම නිවාස පෙළේ එක් නිවසකින් හටගත් ගිනි ගැනීමක් අනෙක් නිවාසවලටද පැතිරී ගොස් ඇති අතර, පුඬළුඔය පොලීසියේ නිලධාරීන් හා වතු කම්කරුවන් එකතුව පැතිරී යමින් පැවැති ගින්න පලානය කිරීමට දැඩි වෙහෙසක් ගෙන තිබිණි.
අවතැන් වු පිරිස අතර, ගැබිණි මව්වරුන් තිදෙනකු හා මාස නයවක් වයසැති කුඩා දරුවකුද සිටින බවත්, අවතැන් වු සියලුම දෙනා මේ වනවිට ෂීන් වත්තේ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක තාවකාලිකව නවතා ඇති බව පොලීසිය පවසයි.