ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්‍රීවරුන් ද තෝරා ගැනෙයි.
පසුගිය වසර දෙක පුරාවට සෙනෙට් මණ්ඩලයේ බහුතරය පැවැතියේ ඩිමොක්‍රටික් පක්ෂය සතුවය. කෙසේ නමුත් මේ වනවිට සෙනෙට් මණ්ඩලයේ බහුතරය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට හිමි වී ඇත. ඒ වැඩිම රිපබ්ලිකන්වරුන් පිරිසක් ජයග්‍රහණය කරමින් සෙනෙට් මණ්ඩලයට තේරී පත් වීම නිසාය.