එඩ්වඩ් චන්ද්‍රසිරි නාට්‍ය ලෝකයේ අය පළමුව හඳුනාගන්නේ සාර්ථක නාට්‍ය සංවිධායකවරයකු ලෙසය.ආර්.ආර් සමරකෝන්ගේ "ජේලර් උන්නැහේ" නාට්‍යයේ සිට ලාංකීය වේදිකාව මත දිගහැරුණු සාර්ථක නාට්‍ය ගණනාවක්ම ඔහු රට වටේ යමින් සංවිධානය කළේය. එහෙත් ඔහු මේ වන විට සාහිත්‍ය කෘති 13ක් රචනා කළ ලේඛකයකු බව දන්නෝ දනිති.එඩ්වඩ්ගේ නවතම කෘතිය 'කරළියේ රසමුසු මතක 'නමින් පසුගියදා එළිදුටුවේය.
මෙවර ලංකාදීප මතුමහල සාහිත්‍යමය කතාබහ ඔහු සමගය.
*ඔබට නාට්‍ය කලාවට මුලින්ම ඇල්මක් ඇතිවෙන්නේ මොන කාලයේද?
1968 වගේ කාලයේදී තමයි මුලින්ම මට නාට්‍ය කලාවට ඇල්මක් ඇති වුණේ.ඒ ආසාව නිසාම ලයනල් වෙන්ට්ඩ් රංග ශිල්ප ශාලිකාවට මම රංගනය ඉගෙන ගැනීමට බැඳුණා.ඒ කාලේ තිබූ සාර්ථකම නාට්‍ය රංග ආයතනය වූයේ එයයි.මා එහි ඩිප්ලෝමාව හැදෑරුවා.ඉන්පසු 1972 දී රජයේ සේවයට එකතුවීම හරහා පූර්ණ කාලීනව නාට්‍ය කලාව යොමු වීමට නොහැකි වුණත් දිගටම මා නාට්‍ය බැලුවා.මා ආර්.ආර් සමරකෝන් නැමති ප්‍රවීණ නාට්‍යකරුවා සමග එකතු වන්නේ ඔහුගේ ජේලර් උන්නැහේ නාට්‍ය හරහායි.ඉන්පසු විශේෂත්වය වන්නේ සමරකෝන්ගේ කැලණි පාලමයි.කැලණි පාලම හාස්‍ය නාට්‍යයක් වුණාට සමරකෝන් මහතා කිසිම විටෙක හාස්‍ය පැකට් කරලා විකුණන්න කැමති වුණු නාට්‍යකරුවෙක් නෙවෙයි.කැලණි පාලමෙන් පසුව ඔහුට වුවමනා වූයේ සීරියස් නාට්‍යයක් නිර්මාණය කිරීමටයි. මාත් එයට සම්බන්ධ කර ගැනීම මට සතුටක් වුණා.
නිෂ්පාදන කළමනාකරුවා යන භූමිකාව බොහෝ අය දන්නේ නැහැ.ඒ පිළිබඳව හැඳින්වීමක් කරන්න පුළුවන්ද?
නිෂ්පාදන කළමනාකරණය කියන විෂය නාට්‍ය ක්ෂේත්රයේ නොතිබුණු කාලයක තමයි මම මේ ක්ෂේත්රයට අත ගහන්නේ.නාට්‍යයේ තිබෙන මුදල් ටික නිසි පරිදි වියදම් කරලා කළමනාකරණය කරන්නේ නාට්‍ය නිෂ්පාදන කළමනාකරුවායි.අතීතයේ සිටී සරච්චන්ද්‍ර ඇතුළු බොහෝ නාට්‍යකරුවන් නාට්‍යයේ බරත් තමන්ගේ පැත්තට ගෙන නිර්මාණකරණයේ නියැලුණා.මම නිෂ්පාදන කළමනාකාර ධුරය භාරගත්තාම නිර්මාණකරුවන්ට නිදහසේ තම නිර්මාණය කරගෙන යෑමට හැකි වුණා.ජේලර් උන්නැහේ නාට්‍යත් රට වටා ගෙන යෑමට ඒ කාලේ අපිට හැකි වුණා.ඒ සාර්ථකත්වයත් එක්ක ඊ. එම් ඩී උපාලි, සෝමරත්න දිසානායක, අශෝක හඳගම, කේ,බී හේරත්, ප්‍රසන්න විතානගේ, සුනන්ද මහේන්ද්‍ර, නිමල් ඒකනායක වගේ නාට්‍යකරුවන් තමන්ගේ නාට්‍ය වල නිෂ්පාදන කළමනාකාර ධූරය මට පැවරුවේ මාව විශ්වාස කළ නිසයි.
*ඔබ ග්රන්ථකරණයට පිවිසෙන්නේ කොහොමද?
ග්රන්ථකරණයට මං පිවිසෙන්නේ මට අවුරුදු 60 සම්පූර්ණ වුණාට පසුවයි. ඒ කියන්නේ රජයේ සේවයෙන් මම විශ්‍රාම ගියාට පස්සේ ඉන්පසු මම අවුරුදු නමයක් එක දිගට ලංකාවේ ජාතික පුවත්පතකට සිනා කතා කියලා තීරුලිපි එකතුවක් කළා.එහි කතුවරයා වු සුනිල් මිහිඳුකුල මහතා තමයි මට මේ කතා ටික පොතක් විදිහට කරමු කියන යෝජනාව මුලින්ම ඉදිරිපත් කළේ. ඉන් පසුව සිනා සයුර නමින් මම හාස්‍ය උත්පාදක කෘති පෙළක්ම ඉන් පසුව නිර්මාණය කළා. ඉන්පසු ආර්.ආර් සමරකෝන් මහතාගේ ජීවිත කතාව රසාලිප්ත රඟමඩලක උරුමක්කාරයා යන නමින් මම රචනා කළා.කරළියේ රස මුසු මතක කියන්නේ මම නාට්‍ය කලාව අදාළව නිර්මාණය කළ පළමු කෘතියයි.දැනට මම පොත් 13ක් රචනා කර තිබෙනවා.
*ඔබ නාට්‍ය කලාවේ දීර්ඝකාලීන අත්දැකීම් ඇත්තෙක්.ඒ අත්දැකීම් තවත් පරම්පරාවකට කියවන්න දෙන්න ඔබට වුවමනා වුණාද?
නාට්‍ය ක්ෂේත්රයේ මගේ අත්දැකීම් මම වින්ද දේවල් අපමණයි.1968 සිට1986 දක්වා නාට්‍ය ජීවිතයේ මගේ අත්දැකීම් තමයි මේ කෘතිය තිබෙන්නේ.මගේ අත්දැකීම් දශක දෙකකට සීමා කරන්න වුණේ පොතේ මිල ගැන සලකලායි. නාට්‍ය කලාවේ සැඟවුණු ගැටලු, නාට්‍යකරණය ඉදිරියට ආපු හැටි මේ හැමදේම මගේ කෘතියෙන් දැක බලා ගැනීමට පුළුවන්.
*සාහිත්‍ය ඇතුළේ නාට්‍ය සාහිත්‍ය කෘතිවලට තැනක් තිබෙනවද?
නාට්‍ය පිටපතක් නිර්මාණය වෙද්දි ඒ පිටපත සාහිත්‍යමය වශයෙන් අනුකූල නම් එය පොතක් බවට පත්වුණාම අලෙවි කිරීම අපට අමාරු වෙන්නෙ නැහැ.සමරකෝන්ගේ නාට්‍ය ටික ගත්තත් ඒවා සියල්ලම සාහිත්‍යමය කෘති විදියටත් අපිට රස විඳින්න පුළුවන් නිර්මාණ .
*එදා නාට්‍ය කලාවේ තිබුණු ස්වර්ණමය යුගය අද අවසන් වෙලා නේද?
ඒ ගැන හිතේ කනගාටුවක් තිබෙනවා.ඒකට හේතු කාරණා ගණනාවක් බලපා තිබෙනවා.ඒ හේතු කොහොම වෙතත් අපි නාට්‍ය කලාව තව ඉදිරියට ගෙන යා යුතුයි
වෘත්තියමය පුවත්පත් කලාවට සමුදුන්නත් කලාව තවමත් ඇගේ තියෙන වග ඔහුගේ නිර්මාණවලින් අපට වටහා ගත හැකිය.
වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදා
සචී සේනානායක මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු
කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බව
දරුවන් වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන්න මං හරි කැමතියි. මගේ පුංචි කාලේ මම ලබපු, විඳපු අත්දැකීම් රස මතක සාගරයක්.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සාහිත්‍යයෙන් පිරුණු නාට්‍යය පොත් විකුණන්න අමාරු නැහැ