මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1850 ට නගී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගෙන් කොරෝනා ආසාදිත වූ තවත් 61 දෙනකු මේ වන විට අද ( 16) හඳුනාගෙන තිබේ. 16 October 2020
විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනක් මරුට මහනුවර ලේවැල්ලේ රෙදිපිළි අලෙවිසැළක තාවකාලිකව සාදා තිබූ විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 16 October 2020
නිරෝධායන නීති කැඩුවොත් 10,000 ක් දඩ - මාස 6 ක් හිරේ නව නිරෝධායන නීති යටතේ ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (15) අත්සන් තැබුවාය. 15 October 2020
අත්අඩංගුවට නොගන්නැයි රිෂාඩ්ගෙන් පෙත්සමක් නීතිපතිවරයා උපදෙස් මත තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (15) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී. 15 October 2020
රිෂාඩ් සැඟවෙයි - ආරක්ෂක නිලධාරියා අසුවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සිටින ස්ථානයක් සොයාගත නොහැකි වූ බැවින් ඔහුගේ ආරක්ෂක නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රිෂාඩ් බදුර්දීන් මහතාට සැඟවී යාමට ආධාර උපකාර කිරීම හේතුවෙන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 14 October 2020
නවක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 118ක් හෙට සිට වැඩ අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 118 දෙනෙකු කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් කෙරෙන සෞඛ්‍ය කටයුතු සඳහා අද(14) සිට සේවයෙහි අනියුක්ත කරන බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි. 14 October 2020
කහපොල පිරිවෙනක හිමිවරු 69 ක් නිරෝධායනයට කහපොල , සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු එම පිරිවෙන තුළම අද (14) නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි. 14 October 2020
මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන් 160 ක් කොළඹින් මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය තුළින් නිර්මාණය වූ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරට සම්බන්ධ වයිරස ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා කොළඹදී අද (13) පැවැසීය. 13 October 2020
යළිත් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රියාජ් බදියුදීන්ගෙන් පෙත්සමක් පාස්කු ඉරුදින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ අද (13) රිට් පෙත්සමක් ගොනු කළේය. 13 October 2020
බදියුදීන් අත්අඩංගුවට ගන්න නියෝග හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට අද (13) නියෝග කර තිබේ. 13 October 2020
සාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ලොක්කෙක් අල්ලස් ගනිද්දී අහුවෙයි සාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (නියාමන) රුපියල් 25000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ කාන්තා අධ්යක්ෂ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය . 13 October 2020
කටුනායක නිදහස් වෙළඳ කලාපය වහන්නේ නැහැ පවතින කොවිඩ්-19 තර්ජනය හේතුවෙන්, කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා නොදමන බව එහි කම්හල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා ලංකාදීපයට අද(12) පැවැසීය. 12 October 2020
විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණ යෝජනා අවසන් කෙටුම්පතට ඇතුළත් කරනවා ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරක සභා අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති උචිත හා අවශ්‍ය සංශෝධන ද අවසන් කෙටුම්පතට ඇතුළත් කර නීතිගත කිරීමට සළකා බලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය. 12 October 2020
ලක්ෂ 20ක හෙරොයින් මොරගහහේනෙන් අල්ලයි රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු මොරගහහේන තලගල දි හා බෙරුකැටිය ප්‍රදේශයේදී අද (12) අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 12 October 2020
මන්නාරමේ ගම් දෙකක් හුදෙකලා කරයි මන්නාරම පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කිරීමට අද ( 11) පියවර ගෙන තිබේ. 11 October 2020
අත්තනගල්ලේ - මීරිගම ගම් 3ක් වසාදමයි පුද්ගලයින් 37 දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් මාලිගාතැන්න, කූරිකොටුව සහ එළුවාපිටිය යන ග්‍රාමයෙන් තුන අද(11) වසා දමමින් අධි ආරක්ෂක කලාපයක් බවට පත්කිරීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 11 October 2020
ජාතික රෝහලේ තිදෙනකුට කොරෝනා කොළඹ ජාතික රෝහලේ සේවිකාවකට සහ සේවකයයන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (10) ප්‍රකාශ කළාය. 10 October 2020
පානදුර මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසාදමයි පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද සොයුරියකගේ දියණියක කොරෝනා ආසාධිත රෝගියෙකු බවට අනාවරණ වීමත් සමගම එම දැඩි සත්කාර ඒකකය ඊයේ (09) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත්බව පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය. 10 October 2020
බද්යුදීන්ගේ සොහොයුරා නිදහස් කළාට මන්ත්‍රීවරු 100කගේ විරෝධය පාස්කු දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බද්යුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බද්යුදීන් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ අස්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට යොමුකර ඇත. 09 October 2020
මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් හමුවීම අඩුවෙයි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොවිඩ්-19 පොකුරේ ආසාදිතයින් හමුවීම සාපේක්ෂව අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය. 09 October 2020
කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වහයි කොරෝනා ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා ඇත. 09 October 2020
හොරණින් තවත් පුංචි පොකුරක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ හොරණ කඳන් හේන පදිංචි කොරෝනා ආසාදිත නිලධාරීවරයාගේ අවුරුදු දෙකක් වයසැති දරුවාට, මවට හා බිරිඳගේ යෙහෙලියකට ද කොවිඩ් වසංගතය ආසාදිත වී ඇති බව පී සි ආර් පරීක්ෂණයෙන් අද (8) තහවුරු වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය. 08 October 2020
හලාවත රෝහලෙනුත් කොරෝනා ආසාදිතයෙක් හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හඳුනාගැනීම නිසා ඔහුව අද ( 8 ) ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළු කළ බව හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 08 October 2020
වේයන්ගොඩ අධි ආරක්ෂිත කලාපයක් කරයි වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත්කර ඇතැයි යුද හමුදාව පවසයි. 08 October 2020
ගංජාවල ආනන්දය කියන්න පාර්ලිමේන්තුවේ පොතක් බෙදලා පාර්ලිමේන්තුවේ කටයුතු අද (8) ආරම්භ වනවාත් සමඟම නැගී සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුව තුළ බෙදාහැර ඇති පොතක් සම්බන්ධයෙන් ගැටලුවක් ඉදිරිපත් කළේය. 08 October 2020
දිවුලපිටිය කොරෝනා පොකුර 1034 ට නගී අද රාත්‍රී 7.45 වන විට දිවුලපිටිය කොරෝනා පොකුරේ විශාලත්වය රෝගීන් 1034 ක් වී තිබේ. 07 October 2020
තවත් ආසාදිතයින් 6 ක් හඳුනාගනී මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් සිව් දෙනකු සහ ඒ ආශ්‍රිතයින් දෙදෙනකු කොරෝනා අසාදිත යැයි හඳුනාගෙන තිබේ. 07 October 2020
ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයෝ 190 ක් මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවක පිරිසෙන් කොරෝනා ආසාදිත වූ තවත් 190 දෙනකු අද (07)මේ වන විට හඳුනාගෙන තිබේ. 07 October 2020
පී.සී.ආර්. පරීක්ෂණයකට පසු හරීන් පාර්ලිමේන්තු යාමෙන් කැළඹීමක් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පීසීආර් පරීක්ෂණයක් කර ඇති බවත් ඔහු මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි බවත් එසේ කිරීම සදාචාරාත්මක නැති බවත් කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද(7) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ. 07 October 2020
ගම්පහට-ජා ඇළට-කඳානට ඇඳිරි නීතිය කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොලිස් කොට්ඨාස 14ක් ඇතුළු පොලිස් කොට්ඨාස 17කට ඇඳිරිනීතිය පැනවූ බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 07 October 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026