කොළඹ කේන්ද්‍ර කරගත්  උපායමාර්ගික සන්නිවේදන සහ මහජන සබඳතා නියෝජිත ආයතනයක් වන Mark and Comm (Pvt) Ltd  ආයතනයේ, 2026 ඔක්තෝම්බර් 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මාධ්‍ය සහ උපදේශන පිළිබඳ උපදේශක අධ්‍යක්ෂ (Consulting Director, Media & Advocacy)  තනතුර සඳහා  රුවන් තිළිණ සමරසිංහ මහතා පත් කර ඇති බව නිවේදනය කර තිබේ.

මාධ්‍යවේදය, මාධ්‍ය සබඳතා සහ උපායමාර්ගික සන්නිවේදනය යන ක්ෂේත්‍රයන්හි දශක තුනකට ආසන්න කාලයක වෘත්තීය අත්දැකීම් සමග සමරසිංහ මහතා මෙම තනතුරට පත්විය. ඔහු මීට පෙර Adfactors Public Relations Lanka  ආයතනයේ මාධ්‍ය සබඳතා, උපායමාර්ගික සන්නිවේදනය සහ අර්බුද කළමනාකරණ සන්නිවේදනය පිළිබඳ සමූහ ප්‍රධානී ලෙස කටයුතු කළ අතර එම තනතුරේ දී, දිවයිනේ ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතන සහ සමාගම් රැසක් වෙනුවෙන් උපදේශන, ප්‍රතිපත්ති සහ අර්බුද කළමනාකරණ මෙහෙයුම් සඳහා ඔහු නායකත්වය ලබා දුනි.

ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භ වූයේ පුවත්පත් කලාවෙනි. වසර දහයකට වැඩි කාලයක් ‘රාවය‘ සතිපතා පුවත්පතේ සේවය කළ ඔහු, එහි ව්‍යාපාරික කර්තෘ ධුරය  දක්වා උසස්වීම් ලැබීය. තවද, කර්තෘ සංසදයේ විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Editors’ Guild Journalism Awards for Excellence)  2005, 2006 සහ 2012 යන වසරවල දී තෙවරක්ම සිංහල මාධ්‍යයෙන් වසරේ හොඳම ව්‍යාපාරික අංශයේ මාධ්‍යවේදියා ලෙස සම්මානයට පාත්‍ර විය. 

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලේඛකත්වය සහ සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ පාඨමාලාව හදාරා ඇති අතර, දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික හා මහජන සේවා ප්‍රතිපත්ති අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටී.

Mark and Comm  ආයතනයේ දී ඔහු එහි මාධ්‍ය සබඳතා කණ්ඩායම සමග එකට එක්ව කටයුතු කරනු ඇති අතර, ප්‍රතිපත්ති, ආර්ථික සහ කර්මාන්ත මට්ටමේ සංවාද මෙහෙයවන පාරිභෝගිකයන් සඳහා වන උපදේශන සහ උපායමාර්ගික සන්නිවේදන අංශයට සමීපව උපදේශකත්වය ද ලබා දෙනු ඇත.