ජාලකරණය, ආරක්ෂාව සහ ප්‍රවේශය ඒකාබද්ධ කරන නවතම SASE විසඳුමක්


SLT-MOBITEL විසින් පසුගියදා Versa Networks  තාක්ෂණයෙන් බලගැන්වෙන නවතමSecure Access Service Edge (SASE)  විසඳුමක් වන SASE 361  හඳුන්වා දෙන ලදී. මෙය SLT-MOBITEL  සමාගම සාම්ප්‍රදායික දුරකථන සන්නිවේදන සේවා සැපයීමේ සීමාවෙන් ඔබ්බට ගොස් ප්‍රමුඛ පෙළේ තාක්ෂණික හා ඩිජිටල් සේවා සම්පාදකයකු බවට පත්වීමේ ක්‍රියාවලියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි.

කොළඹ Cinnamon Life  හිදී පැවැති SASE 361  හඳුන්වාදීමේ උත්සවයට claude  තාක්ෂණය පදනම් කරගත් ජාලකරණයේ සහ සයිබර් ආරක්ෂණයේ අනාගතය පිළිබඳව උනන්දුවක් දක්වන ව්‍යාපාරිකයන් සහ තාක්ෂණික විශේෂඥයන් මෙන්මSLT-MOBITEL සමාගමේ පාරිභෝගිකයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. SASE 361  මගින් ව්‍යාපාරික තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතය වඩාත් සුරක්ෂිත, නම්‍යශීලී සහ ඩිජිටල් වශයෙන් සම්බන්ධිත නව මානයකට රැගෙන යන ආකාරය සම්බන්ධයෙන් එහිදී රැස්ව සිටි පිරිස දැනුවත් කරන ලදී.

මෙම හඳුන්වාදීම ඔස්සේ ගෝලීය තාක්ෂණය සහ දේශීය සේවා සම්පාදනය ඒකාබද්ධ කරමින්, ව්‍යාපාරික ආයතනවලට සිය ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වඩාත් සුරක්ෂිතව, කාර්යක්ෂමව සහ විශ්වාසයෙන් යුතුව කිරීමට සහාය වීමට SLT-MOBITEL  බලාපොරොත්තු වෙයි. ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීය ඩිජිටල් තාක්ෂණික පහසුකම් සම්පාදකයකු ලෙස තමන් සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගැනීමට SLT-MOBITEL  සමත් වනු නිසැකය.

SASE 361 හඳුන්වාදීම යනු වේගයෙන් වෙනස් වන ඩිජිටල් තාක්ෂණික පසුබිම තුළ ව්‍යාපාරවලට සාර්ථකව ඉදිරියට යාමට සහාය වීමේ ක්‍රමෝපායික පියවරක් වන අතරම එය නවෝත්පාදනය, තරගකාරීත්වය සහ තිරසාර වර්ධනය සම්බන්ධයෙන් රටේ දැක්ම සමඟද මැනැවින් සමපාත වේ. 

Secure Access Service Edge (SASE)  යනු ජාලකරණය සහ ආරක්ෂාව එක් සේවාවක් යටතේ ඒකාබද්ධ කරන, claude  තාක්ෂණය පදනම් කරගත් විසඳුමකි. එමගින් යටිතල පහසුකම් කළමනාකරණය සරල කිරීමටත්, දත්ත ආරක්ෂා කිරීමටත්, පරිශීලකයන්ට, උපාංගවලට සහ විවිධ ස්ථානවලට සුරක්ෂිත ලෙස ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීමටත් ආයතනවලට හැකියාව ලැබේ. මෙතෙක් සිදු කළ ආකාරයට මධ්‍යගත දත්ත මධ්‍යස්ථාන ආශ්‍රිත ආරක්ෂක පද්ධති මත පමණක් රඳා නොසිට, කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සම්බන්ධතා සහ ආරක්ෂණ පහසුකම් සැපයීමටSASE  තාක්ෂණයට හැකියාව ඇත.

SASE 361 සේවාව නිර්මාණය කර ඇත්තේ ජාලකරණය (Network), ආරක්ෂාව (Security) සහ ප්‍රවේශය (Access)  යන ප්‍රධාන අංශ තුනට අමතරව ඒකාබද්ධ ආරක්ෂක සේවා හයක් (NGFW, SWG, CASB, ZTNA, DLP, ATP)  සහ එක් ඒකාබද්ධ වේදිකාවක් පදනම් කරගෙනය. 

එමඟින් සුරක්ෂිත ඩිජිටල් පරිවර්තනයක් සඳහා සරල මෙන්ම පුළුල් විසඳුමක් හිමි වේ. ජාලකරණය සහ ආරක්ෂාව claude තාක්ෂණය පදනම් කරගත් ඒකාබද්ධ වේදිකාවකට රැගෙන ඒමෙන්, ඩිජිටල් යුගයේදී එළඹෙන තත්වය හමුවේ වඩාත් නම්‍යශීලීව කටයුතු කිරීමට සහ අභියෝගවලට වඩාත් හොඳින් මුහුණ දීමට ව්‍යාපාරික ආයතනවලට හැකියාව ලැබේ.

සුරක්ෂිත සම්බන්ධතා, claude  තාක්ෂණය හරහා සැපයෙන ආරක්ෂක පහසුකම් සහ ජාල කළමනාකරණය ඇතුළු පහසුකම් රැසක් මෙම සේවාවට ඇතුළත් වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ජාලකරණ සහ ආරක්ෂණ ක්ෂේත්‍රයට නව ප්‍රවේශයක් හිමි වී ඇත. 

සජීවීව නිරීක්ෂණය කිරීමට, සංකීර්ණ තර්ජනවලින් ආරක්ෂා වීමට සහ වඩාත් කාර්යක්ෂම මෙහෙයුම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාමට හැකි වීම ඔස්සේ අත්‍යවශ්‍ය දත්ත ආරක්ෂා කරගැනීමටත්, විවිධ ස්ථානවල සිට සේවය කරන සේවක කණ්ඩායම්වල කාර්යසාධනය පොදුවේ ඉහළ නැංවීමටත්, පද්ධති කළමනාකරණයේ සංකීර්ණත්වය අවම කිරීමටත්SASE  361 විසඳුම ව්‍යාපාරවලට සහාය වේ. විවිධාකාර වූ කාර්යයන් රාශියක් එක් වේදිකාවක් මත ක්‍රියාත්මක වීම මෙහි ඇති වඩාත්ම සුවිශේෂී ලක්ෂණයයි.