
SLT-MOBITEL Enterprise හි සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර ප්රවර්ධන අංශයෙන් ශ්රී ලංකික ව්යාපාරික ප්රජාව වෙත සංවිධානය කළ AI හා නවීන තාක්ෂණය පදනම් කරගත් නව්ය ව්යාපාරික විසදුම් හඳුන්වාදීමේ වැඩසටහනක් මාතර වැලිගමදී පැවැත්වුණි.
එම වැඩසටහනට දකුණු පළාතේ, රාජ්ය හා ව්යාපාරික අංශවල විශාල පිරිසක් සහභාගි වූ අතර, ඔවුන්ගේ එක් එක් ව්යාපාරික අවශ්යතාවලට හා ව්යාපාරයේ ස්වභාවයට ගැළපෙන සේ සැකසූ විසඳුම් සහ ඒවා ප්රායෝගිකව අත්විඳින්නද අවස්ථාවක් හිමිවුණි.
විශේෂයෙන්ම, AI හා නවීන තාක්ෂණය පදනම් ව්යාපාරික විසඳුම් ලබාදීමේදී අත්යවශ්ය සේවයක් වන අලෙවියෙන් පසු පාරිභෝගික සේවය අඛණ්ඩ සහ විශ්වාසනීයව ලබාදීම සඳහා SLT-MOBITEL Enterprise සතුව 24x7 කැපවූ ඉංජිනේරුවන්, Sales Managers, Account Managers සහ Operations Officers ඇතුළු විශේෂඥ කණ්ඩායමක් කැපවීම විශේෂත්වයකි.
පාරිභෝගිකයන්ගේ ව්යාපාරික අවශ්යතා අවබෝධ කරගනිමින්, ඔවුන්ගේ ව්යාපාරික අරමුණු සාර්ථක කර ගැනීමට ගැලපෙන තාක්ෂණික හා ඩිජිටල් විසඳුම් ලබාදීමට මෙම කණ්ඩායම නිරන්තරයෙන් කැපවී සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd