කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ඊයේ (25) දිනයේදී ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරමින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) සහ S&P SL20 දර්ශකය ඉහළ යාම සිදු විය.  

ඒ අනුව දිනයේ අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,315.84 ක් දක්වා ඉහළ ගිය අතර, එය අවසන් ගනුදෙනු දිනය වූ නොවැම්බර් 23 වාර්තා වූ ඒකක 21,242.52 ක අගයට සාපේක්ෂව ඒකක 73.32 ක එනම් සියයට 0.35ක ඉහළ යාමකි. එමෙන්ම ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකයද ඒකක 6,062.83 ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 16.66 ක එනම් සියයට 0.28ක ඉහළ යාමක් සටහන් විය.