සමාගම කළ ආයෝජනය රුපියල් බිලියන 1.762ක්
බේරුම්කිරීම යටතේ නැවත හිමිවන මුදල රුපියල් බි. 1.453ක්
කොළඹ වරාය තුළ ඉදිකිරීමට සැලසුම් කර තිබූ දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථාන ව්යාපෘතිය අතහැර දැමීමට එහි ප්රධාන හවුල්කරුවා වන චීනයේ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා තීරණය කිරීමත් සමගින්ම එම ව්යාපෘතියේ හවුල්කාර ආයෝජකයකු වූ තම සමාගම වෙත ආයතනික මට්ටමෙන් ආසන්න වශයෙන් රුපියල් මිලියන 310 ක පාඩුවක් සිදුව තිබෙන බව ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී සමාගම පවසයි.
ඊයේ (20) කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මෙම කරුණු අනාවරණය කර සිටියි.
සමාගමට අනුව අදාළ ව්යාපෘතියේ සියයට 15ක කොටස් හිමිකාරීත්වයක් ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී වෙත හිමිව තිබී ඇත. ඒ සඳහා සමාගම සිදු කර ඇති ආයෝජනය ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.762 කි. ඒ අනුව ව්යාපෘතිය අත්හැරීමෙන් පසුව සිදු කරන බේරුම් කිරීමේ එකඟතාවට අනුව සමාගම වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 3.286ක් (ආසන්නව රුපියල් බිලියන 1,087ක්) හිමිවීමට නියමිතව ඇතැයි පවසයි.
එහිදී බේරුම්කරණ ආපසු ගෙවීම් (Settlement Refund) යටතේ ඊට හිමි සමානුපාතික කොටස මෙන්ම, බෙදා හැරිය හැකි අරමුදල්වලින් ඊට හිමි කොටස යටතේ දළ වශයෙන් රුපියල් මිලියන 365ක මුදලක්ද ඇතුළත් වන බවත් සමාගම පවසයි. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක් රුපියල් 331ක් වන විනිමය වටිනාකම යටතේ සමාගම වෙත නැවත හිමිවන මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.453ක් වන බවත් සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම වටිනාකම රුපියල් බිලියන 1.38 ක් ලෙස සලකමින්, පසුගිය මාර්තු 31 වැනිදා අවසන් වූ මූල්ය වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්ෂික වාර්තාව තුළ මෙම පාඩුව රුපියල් මිලියන 387ක් ලෙස සටහන්ව තිබූ බවත් සමාගම පවසයි.
මේ අතර මෙම මූල්යමය ඇස්තමේන්තු කිරීම් විනිමය අනුපාත අනුව සහ සැබෑ ගනුදෙනු සහ ගෙවීම් දින අනුව වෙනස් වීමේ හැකියාවක් පවතින බවත් සමාගම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd