බොයිං 737-800 මාදිලියේ යානා යොදා ගනිමින් මෙහෙයුම් කිරිම සැලසුමයි


යුක්රේනයේ සුපර්නෝවා ගුවන් සේවය (Supernova Airlines LLC) වෙත කොළඹ සිට නියමිත කාලසටහනක් නොමැතිව කොළඹ සිට ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන විදෙස් ගුවන් මෙහෙයුම් සහතිකය (FAOC)  පිරිනැමුණු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා අතින් අදාළ සහතිකය සුපර්නෝවා ගුවන් සමාගමේ මෙරට වගකිවයුතු කළමනාකරු ටිනේෂ් ගුනේෂ්කුමරන් මහතා වෙත ප්‍රදානය කෙරී තිබේ. ඒ මහතා මෙම මෙම අවස්ථාව සඳහා ගුවන් සමාගමේ නියෝජිතයන් ඇතුළුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානීන් සහභාගි වී තිබේ.

යුක්රේනයේ පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත විශාලතම සැපයුම් සේවා සමාගම වන සුපර්නෝවා සමාගමේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය ලෙස මෙම සුපර්නෝවා ගුවන් සේවය ක්‍රියාත්මක වෙයි. ඒ අනුව එම සමාගමට අයත් බොයිං 737-800 මාදිලියේ ගුවන් යානා යොදා ගනිමින් කොළඹ සිට ඉන්දියාව, බංග්ලාදේශය සහ මැදපෙරදිග කලාපය වෙත මෙහෙයුම් සිදු කිරිමට සැලසුම් කර තිබේ.

මෙලෙස සුපර්නෝවා ගුවන් සමාගමට FAOC  සහතිකය පිරිනැමීම ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සහ සැපයුම් සේවා අංශයේ සංවර්ධනයට සහායක් වනු ඇති බවත් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.