මේ වසරේ සැප්තැම්බර් මාසයේදී තේ අලෙවියේ සාමාන්‍ය වටිනාකම කිලෝවක් සඳහා රුපියල් 1,202.74ක් (ඩොලර් 3.65ක්) ලෙස සටහන්ව තිබේ. මෙය පසුගිය අගෝස්තුවේදී තේ කිලෝවක් සඳහා වාර්තා වූ රුපියල් 1,174.46 ට (ඩොලර් 3.53ට) සාපේක්ෂව රුපියල් 28.28 ක (ඩොලර් 0.12ක) ඉහළ යාමක් බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes and Walker පවසයි.
මෙහිදී උස් වගා බිම්, මැදි වගා බිම් සහ පහත් වගාබිම් යනාදී සියලුම වගාබිම්හි තේ කිලෝවක මිල මේ වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී රුපියල් වටිනාකම් අනුව මෙන්ම ඩොලර් වටිනාකම් අනුවද කැපී පෙනෙන ලෙස ඉහළ යෑමක් සටහන්ව තිබීමත් විශේෂත්වයකි.
එසේම 2025 වසරේ සැප්තැම්බර් මාසයේදී තේ කිලෝවක් සඳහා වාර්තා වූ රුපියල් 1,191.62 ක මිලට සාපේක්ෂව වසරින් වසර එම වටිනාකම රුපියල් 11.12 කින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් ඩොලර් වටිනාකම් අනුව වසරින් වසර තේ කිලෝවක මිල ඩොලර් 0.29 කින් අඩු වී තිබේ. 2025 සැප්තැම්බරයේදී තේ කිලෝවක ඩොලර් වටිනාකම ඩොලර් 3.94 ක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd