ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 


කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිරිදිය ධීවර කාර්මිකයන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ගංතලාව හා වාන්ඇළ යන වැව් දෙක සඳහා මත්ස්‍ය පැටව් මුදා හැරීම පෙරේදා (04) සිදු කළ බව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය කියයි.

මිරිදිය ධීවර කාර්මිකයන්ගේ ආර්ථිකයට ශක්තියක් වීම, ප්‍රදේශයේ ප්‍රෝටීන් අවශ්‍යතා ප්‍රදේශයෙන් සපයා ගැනීම, මිරිදිය ධීවර කාර්මිකයන්ගේ පවුල් සවිබල ගැන්වීම ආදී කරුණු මුල්කරගෙන මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකෙරෙන බවත් තාක්ෂණික සහ උපදෙස් පමණක් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් සපයන බවත් ජල ජීවී වගා ව්‍යාප්ති නිලධාරී නිලධාරි නිලධාරි එල්.ඩී.එම් ඉන්දික සඳරුවන් මහතා පැවසීය.

කලාවැව මිරිදිය ධීවර අභිජනන මධ්‍යස්ථානයෙන් රැගෙන එන ලද තිලාපියා මත්ස්‍ය පැටව් 31178 ක්, රෝහු නැමැති මත්ස්‍ය පැටව් 36375 ක් ගන්තලාව හා වාන්වල වැව් වෙත මෙලෙස මුදා හැරුණි.