

ත්රිකුණාමලය අමදෝරු අමරජීව
ක්ෂේත්රයේ තුරන් වීමේ අවදානමකට ලක්ව ඇති සුළු පන්න ධීවර කර්මාන්තකරුවන්ගේ ජීවන තත්වය උසස් කරමින් ජාතික ආර්ථිකයට වඩා විධිමත් දායකත්වයක් ලබා ගැනීම අරමුණු කරගෙන ඔවුන්ගේ රැකියාවේ සුරක්ෂිත භාවය වෙනුවෙන් ජාතික ක්රියාකාරී සැලැස්ම සකස් කිරීමට අදාළව ත්රිකුණාමල දිස්ත්රික් සුළුපන්න ධීවර කාර්මිකයන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර මහතාගේ ප්රධානත්වයෙන් දිසාපති කාර්යාල ශ්රවණාගාරයේදී සිදු කෙරිණි.
මෙහිදී ත්රිකුණාමල දිස්ත්රික් සුළුපන්න ධීවර ප්රජාවගේ අත්දැකීම්, ගැටලු හා යෝජනා ජාතික සැලැස්මට ඇතුළත් කිරීම සාකච්ඡාවට බඳුන් විය.
එමෙන්ම ධීවර සම්පත් දිගු කාලීනව ආරක්ෂා කිරීම, මුහුදු ආරක්ෂාව, රක්ෂණය, සුබ සාධන ක්රියාවලිය, ක්ෂේත්රයේ කාන්තාවන්ට වැඩි රැකීයා අවස්ථා ලබා ගැනිම, ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳව ජාතික ක්රියාකාරී සැලැස්මට ඇතුළත් කිරීම සඳහා මෙම කරුණු වැඩි අවධානයකින් සාකච්ඡා විය. මෙම අවස්ථාවට එක්වූ ජාතික ධීවර සම්මේලනයේ ප්රධාන ලේකම් අජන්ත කුමාර මහතා ජාතික ක්රියාකාරී සැලැස්මට ඇතුළත්ව තිබිය යුතු කරුණු හා ව්යූහය පිළිබඳව ධීවර ප්රජාව දැනුවත් කෙරිණි.
මෙහිදී දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර මහතා පැවසුවේ ත්රිකුණාමලයේ ප්රධානතම ආර්ථිකය ධීවර කර්මාන්තය හා බැඳී පවතින බැවින් එහි ගැටලු හා යෝජනා මෙම ජාතික ක්රියාකාරී සැලැස්මට වැදගත් වන බවය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්රිකුණාමල සහකාර අධ්යක්ෂ ඉන්දික පත්ම කුමාර උඳුගොඩ මහතා ඇතුළු ධීවර සංගම් නියෝජිතයෝ මෙම අවස්ථාවට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd