මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුලංකා සමාගම වෙත ෆිජි දූපත්හි බුකා ගම්මානයේ ඉදිකරන කිලෝවොට් 100ක (100kW ) කුඩා ජල විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීම සඳහා වන අනුමැතිය ලැබුණු බව පවසයි. 

එරට බලශක්ති - මහජන කටයුතු, කාලගුණිකවිද්‍යා සේවා සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා මෙම අනුමැතිය ලැබී ඇති අතර, එහිදී ජාත්‍යන්තර ඉංජිනේරුමය කටයුතු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම (EPC)  යටතේ මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමෙන බව සඳහන් වෙයි. 

ඒ අනුව අදාළ කිලෝවොට් 100 ක කුඩා ජල විදුලි බලාගාරයේ නිර්මාණය, සැපයුම්, ස්ථාපිත කිරීම සහ මෙහෙයුම් පවත්වාගෙන යාම විදුලංකා වෙත පැවරී තිබේ. මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1.35 ක් (ඩොලර් 1,350,000ක්) ලෙස හඳුනාගෙන තිබේ.