කොට්ටෙ යට ලයිසන් එකෙන් හොර මඟුල මාට්ටු විවාහක කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය තරුණයකුට මුහුණ පෑමට සිදුවූ සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ. 06 April 2019
විසිතුරු මසුන් හොරාගන්න අමුතු හොරෙක් ඇවිදින් විසිතුරු මසුන් අලෙවි සැලට එන මාළු හොරා අල්ලන්න සවිකළ කැමරාව පරීක්ෂා කරද්දී හොරා මිනිසෙක් නොව කොකෙක් බවට අනාවරණය වූ සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 06 April 2019
උපාසක වෙළෙඳාම මහ රෑ පත්තුවෙලා තම වෙළඳසැලේ නිතරම නැවුම් එළවළු අලෙවි කරන වෙළෙන්දෙකු ගැන සැක සිතූ එම ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවියෝ තම වගාවන් රාත්‍රී කාලයට මුර කරන්නට වූහ. එහිදී මේ පුද්ගලයා කොරටු වලින් සොරාගත් එළවළුත් සමඟ අතටම අසුවීමේ පුවතක් පහළවැව ප්‍රදේශයෙන් වාර්තාවේ. 06 April 2019
නිට්ටෑවන් දෙදෙනකු වැටුණු දූරියන් එකතුකරලා කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රදේශයට ආසන්න පිටිසර ගමක වූ සිද්ධියකි. 03 April 2019
කොන්දොස්තර නැතිව බස්රිය ගමනාන්තයට ගිහින් වෙන්නප්පුව කිරිමැටියාන මාර්ගයේ ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක කොන්දොස්තරවරයා මග දමා බස් රථය තම ගමනාන්තය වූ කිරිමැටියාන දක්වා ධාවනය වූ පුවතක් පසුගියදා වාර්තා විය. 02 April 2019
හීලෑ නයා සිටියදී කැලෑ නයා නටවා ජංජාලයක් බීමත් නයි නටවන්නකු වෙරිමතින් හීලෑ නයා යැයි සිතා අලුතින් අල්ලා ගත් නාගයකු නැටවීමට යාමේදී දෂ්ට කිරීම හේතුවෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් නිලධාරීහු කියති. 01 April 2019
කරවල මුදලාලිගෙන් නෝනාට ටොක්කක් සතිපොළ වෙළෙන්දකුගෙන් කරවල සොරකම් කළ ලොකු නෝනා කෙනකුට එම වෙළෙන්දා කියා දුන් අපූරු පාඩමක් පිළිබඳව පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා වේ. 30 March 2019
අයියාගේ පෙම්වතියගේ හොර අල්ලන්න ගිහින් මල්ලී පරිප්පු කයි විදෙස්ගත අයියාගේ ඉල්ලීම පරිදි ඔහුගේ පෙම්වතියගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමට ගිය මල්ලීට හා ඔහුගේ යහළුවකුට පොලිස් කූඩුවේ ලගින්නට සිදුවීමේ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා විය. 29 March 2019
තුවාල වූ මිතුරා පාරේ දමා මැරුණ වල් ඌරා අරන් ත්‍රිරෝද රියේ ගිහින් වල් ඌරකු යතුරු පැදියේ ගැටී තුවාල වු මිතුරා නොසලකා එම අනතුරින් මිය ගිය වල් ඌරා තම ත්‍රී රෝද රථයේ පටවාගෙන ගිය අපුරු මිතුරෙකු පිළිබඳව අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය. 28 March 2019
සොහොන් කථිකයා ඉල්ලාගෙන කාලා පෞද්ගලික කෝන්තරයක් පිරිමැසීමට අනුන්ගේ මළ ගෙදරකදී ගමේ ප්‍රභූවරයකුට දෝෂාරෝපණය කරමින් කතා කළ පුද්ගලයකුට එම නිවැසියන් විසින් අමතක නොවන පාඩමක් ඉගැන්වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණ. 27 March 2019
පැනලා දෙන්න ගිහින් හෙමින්ම පල්ලම් බැහැලා පිරිසක් ඉදිරියේ නොදන්නා පණ්ඩිතකම් පෙන්වීම්ට ගිය පුද්ගලයකු ඔවුන් ඉදිරියේම බලවත් ලෙස ලැජ්ජාවට පත්වූ පුවතක් වියලුවේ ගම්බද ප්‍රදේශයකින් වාර්තාවේ. 26 March 2019
නිට්ටෑවකු කියා මනමාලිය මනාලයාගේ මුහුණ පහුරුගාලා මධු සමය දා රාත්‍රී නිට්ටෑවෙකු කියා මනමාලිය මනාලයාගේ මුහුණ පහුරු ගා මහා ජංජාලයක් වූ පුවතක් මහනුවරට තදාසන්න හෝටලයකින් වාර්තා විය. 25 March 2019
විපතක් වළක්වද්දී බඩකට පුරා ගුටිකාලා ගහපු අයම සමාවත් අරන් නොසැලකිලිමත්කමින් සිදුවීමට ගිය මහ විපතක් වළක්වා ගැනීමට උත්සාහ ගත් අයෙකුට ඉවක් බවක් නැතුව පහර දීමේ සිද්ධියක් මහනුවර නගරාසන්නයෙන් වාර්තා වේ. 23 March 2019
ගෑනි නැති වුණත් බීම නැතුවනං බෑ තම බිරිය නැති වුණත් මත්පැන් බීමට අවශ්‍ය බව සැමියකු පොලිසියේදී ප්‍රකාශ කිරීමේ සිද්ධියක් පූජාපිටිය පොලිසියේදී කළ පැමිණිලි විභාගයකින් පසුගියදා අසන්නට ලැබිණි. 23 March 2019
බඹර පදමෙන් මොළේ කචල් ඉකුත් සති අන්තයේ දිනෙක අගනුවරට ආසන්න ප්‍රදේශයක උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයකි. උදෑසන දහයේ පමණ සිට නෑදෑ හිතවතුන්ගෙන් උත්සව ශාලාව පිරී යන්නට විය. 23 March 2019
පොල් හොරා අල්ලන්න ගිහින් ගහමුලම දොයි රාත්‍රී කාලයේ පොල්කඩන හොරා අල්ලාගන්න ගහ යටට වී සිටි ඉඩම් හිමි පුද්ගලයාට නින්ද ගිය පසු පොල් හොරා ගහෙන් බිමට බැස ගිය පුවතක් වාරියපොළ ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය. 23 March 2019
මැණික් ගරන්නා අලි කකුල් අස්සේ තද නින්දේ වස්ගමුව ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි කුමාර ඇල්ල ප්‍රදේශයේ රාත්‍රී කාලයේ මැණික් ගැරීම කාලයක් තිස්සේ සිදුවන්නකි. එය මහා පරිමාණයෙන් නොවුවද ඇළේ දොළේ පතුළ අත ගා විනෝදයට මෙන් කුඩා හෝ මැණික් ගලක් සොයා ගැනීමට අවට පිරිස් පුරුදු වී ඇත්තේ මැණික් සඳහා පවතින මිල හේතුවෙනි. 23 March 2019
සංගීතය බලාඑද්දී ‘භූතයෙක්’ නැගිටලා සංගීතය බලා ගෙදර එද්දී මධ්‍යම රාත්‍රියේ කනත්තේ සිට තමා අමතන්නේ භූතයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් අගනුවරට නුදුරු නගරයකින් වාර්තා වෙයි. 23 March 2019
පරණ පෙම්වතා දැකලා අලුත් පෙම්වතාට තරු පෙන්නලා සති අන්තයේ කඳුකර පෙදෙසක වැව් ඉස්මත්තේ තම පෙම්වතිය සමග හුදකලාව වැව්සිරි නරඹමින් සිටිය දී එතැනට පැමිණි පරණ පෙම්වතා දුටු ඇය අලුත් පෙම්වතාට බායි කියා පරණ පෙම්වතා සමග පෙම් සුව විඳීමට ගිය පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා විය. 22 March 2019
හැදිල්ලට තාත්තාත් හොල්මන් වෙලා තම කුඩා පුතාට විවිධ දේ ගෙනැවිත් දෙමින් ගණිත හැකියාව දියුණු කිරීමට ගිය පියෙකු මුහුණදුන් අපූරු පුවතක් නිකවැරටියේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තාවිය. වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය. පළමුවන 21 March 2019
වන ජීවියෙන් යද්දී මියගිය අලියා අතුරුදන් මියගිය වල් අලියෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වනජීවි නිලධාරීන් යනවිට සිරුර අතුරුදන්වී තිබිමේ සිද්ධියක් ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව ප්‍රදේශයෙන් දැන ගැනීමට ලැබුණි. 20 March 2019
යකාගේ ඉඩම් බෙදිල්ලෙන් ගෙදර ළිඳටයි වැසිකිළියටයි තට්ටුවෙලා වසර ගණනාවක සිට පදිංචිව සිටි නිවස සහ ඉඩමෙහි පිහිටි වැසිකිළියත් වතුර බොන ළිඳත් දරු පවුලකට හිටිගමන් අහිමි වීමේ අරුම පුදුම සිද්ධියක් දොම්පේ වෑවල පෙදෙසින් වාර්තා වේ. 19 March 2019
අලුත් මනමාලිය සතුටු කරන්න ගිහින් සරමත් නැතුව දුවලා අලුත ගෙනා මනමාලියගේ හිත සතුටු කිරීමට මහමඟ සිටි බළල් පැටවකු රැගෙන ඒමට ගිය පුද්ගලයකුට ඇඳ සිටි සරම ද නොමැතිව පණ කෙන්ද රැක ගැනීමට නිවසටම දිව යාමට සිදුවූ පුවතක් මහනුවරට තදාසන්න තේ වතු ආශ්රිත ප්‍රදේශයකින් වාර්තා වේ. 16 March 2019
හිත ගන්න තෑග්ගක්දී අම්බානට කාලා දකුණේ කඳුකර ගම් ප්රදේශයකි. තේ වගාව ගමේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. සෑම පවුලකටම අඩුම තරමින් තේ අක්කර බාගයකවත් ඇත. තේ වගාවට අමතරව ඒ සෑම ඉඩමකම පොල් කිතුල් පුවක් ආදී අතුරු බෝග ද වගාකර ඇත. 16 March 2019
නිවෙසට පැන්න අමුතු හොරු සී.සී.ටී.වී යෙන් මාට්ටු ව්‍යාපාරිකයකුට මුහුණ පෑමට සිදුවූ සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 16 March 2019
කෝච්චියේ ටිකට් මහත්තයා සල්ලි එක්ක තරහ වෙලා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පිටුපස දොරටුවේ ඇති ටිකට් කවුන්ටරය වෙත පැමිණි මඟියෙකි. දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන නිලධාරියා පොතක යමක් ලියමින් සිටි අතර ‘මට රාගමට ටිකට් එකක් දෙන්න’ යයි මඟියා පැවැසීය. නිලධාරියා කිසිවක් නෑසුනා සේ තම කාර්යයේ යෙදී සිටී. ‘මහත්තයා මට රාගමට ටිකට් එකක් දෙන්න. කෝච්චිය යන්න ළඟයි.” මඟියා නැවතත් කාරුණිකව පැවැසීය. 16 March 2019
ලයිට් ගිය අස්සේ පැණි වළලු වෙනුවට මඳුරු දඟර කාලා මතින් පදම් වී සිටි අයකු රාත්‍රියේ අසල තේ කඩයකට ගොඩවූයේ උණු තේ කෝප්පයක් බීමටය. 16 March 2019
මිතුරු මුවාවෙන් ගාන කපන්න ගිහින් වැරැදිලා මෝටර් රථයකින් ගමනක් යමින් සිටි ව්‍යාපාරිකයකුගේ මෝටර් රථයේ හැපුන බීමත් පුද්ගලයකුගේ මුවාවෙන් වාසි ලබා ගැනීමට ගිය පිරිසකට සිදුවූ ඇබැද්දියක් පිළිබඳ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා වේ. 16 March 2019
පොලිසියට බයවෙලා එළව`ඵ වෑංජනයට අත සෝදලා නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පොලිසියෙන් වටලා ඇති බවට ආරංචිවී කලබලයට පත්වී මේසය මත තිබූ එළවළු වෑන්ජනයට අත සෝදා කසිප්පුකරු නිවසින් දිව යෑමේ සිද්ධියක් වාරියපොල ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය. 15 March 2019
බෙදන්න දාහයි : එකතු කරන්නත් දාහයි උපකාරක පන්ති සඳහා පැමිණෙන තරුණ තරුණියන් අතර බෙදාහරින අත්පත්‍රිකා තැන තැන විසිකිරීම සම්බන්ධයෙන් ඒවා බෙදා හරින පුද්ගලයන්ට ලබා දුන් අපූරු දඬුවමක් පිළිබඳව තංගල්ල නගර සභාවේ සභාපතිවරයා පසුගියදා හෙළි කළේය. 14 March 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026