(දෙනියාය විශේෂ එස්.ඩී. කොඩිකාර)
මග හැරුණ දුරකතන ඇමතුමකින් හඳුනාගෙන මාස දෙකක් පමණ කොටපොළ ප්‍රදේශයේ තරුණියකු සමග පෙම් සබඳතාවක් පැවැත්වූ උනවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන සූපවේදියකු එම තරුණිය හමුවී නැවත යමින් සිටියදී අනන්‍යතාව තහවුරු කර ගැනීමට තමන් සතුව කිසිදු ලියකියවිල්ලක් නොමැතිවීම හේතුවෙන් ගම්වාසීන් ඔහු පැමිණි යතුරු පැදිය ද සමග අල්ලා කොස්මෝදර පොලීසියට භාරදීමෙන් අනතුරුව පොලිස් ඇප මත පෙරේදා (15) නිදහස් කළ බව පොලිසිය කියයි .
මෙලෙස පොලිස් ඇපමත නිදහස් කරනු ලැබුවේ විසිදෙහැවිරිදි ගාල්ල උණවටුන ප්‍රදේශයේ පදිංචි තරුණයකු බව පොලීසිය කියයි.
සැකකාර තරුණයා මාස දෙකකට පමණ ඉහතදී දාහත් හැවිරිදි තරුණිය සමග මගහැරුණ දුරකතන ඇමතුමක් ඔස්සේ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගියත් ඔවුන් දෙදෙනාම රූපයෙන් දැන හඳුනාගෙන නොමැති නිසා අදාළ තරුණිය විසින් පෙරේදා (15) දිනයෙහි තමන්ගේ නිවසෙහි මව්පියන් නොමැති බව පවසා අදාළ තරුණයා ට ඇය හමුවීමට නිවසට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවත් පසුව තරුණයා ඇය හමුවීමට යතුරුපැදියකින් පැමිණ එය වෙනත් තැනක නවත්වා පා ගමනින් ගොස් අදාළ තරුණිය සමඟ මිනිත්තු පහක පමණ කාලයක් කතාබස් කර නැවත යමින් සිටියදී නාඳුනන තරුණයෙකු තම ගම් ප්‍රදේශයේ ගමන් කරන දුටු ගම්වාසීන් ඔහු අල්ලා පොලිසියට භාර දීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
පසුව කොස්මෝදර පොලීසිය මගින් සැකකාර තරුණයා සම්බන්ධයෙන් ඔහු පදිංචි ප්‍රදේශයේ පොලිසියෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව කිසිදු අපරාධයකට සම්බන්ධ නොවීම හේතුවෙන් ඔහු පොලිස් ඇප මත නිදහස් කිරීමට කටයුතු කළ බව කොස්මෝදර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගමට පැමිණි නාඳුනන පෙම්වතා පොලිස් ඇපමත මුදා හැරලා
janahitha Monday, 20 May 2019 02:24 AM
මින් ඉදිරියට ඔයවගේ වැඩවලට යන කවුරු කවුරුත් ප්‍රදේශවාසින් දැනුවත් කර හැඳුනුම් පතත් රැගෙනයාම ඇඟට ගුණයි.