බඹර පදම් වී පඩි පැකැට්ටුවම පුදලා හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි. 12 March 2025
චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අතේ තිබූ මුදලක් ද අහිමි කරගෙන අතර මගින් නිමාවට පත්වීම හේතුවෙනි. 11 March 2025
යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබාගෙන තිබිණි. 08 March 2025
කොල්ල වගේ ඉන්න පැන්ෂන් උපහාරය කට් කරලා විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පුවතක් පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 07 March 2025
දෙවඟනට ඇන්දී පොකැට්ටුවත් වාෂ්ප වෙලා සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. එදා උදේ නිවසේ සිටියේ ඔහු පමණි. භාර්යාව රැකියාවට ගොසිනි. දරු දෙදෙනා පාසලේය. ඔහු රැකියාවට නොගොස් සිටියේ නිවසේ අවශ්‍යතාවකටය. එදා උදේම ඔහුගේ නිවසේ දොරට තට්ටු කළේ ලස්සන නෝනා කෙනෙකි. සිය භාර්යාව සමග සංසදනය කරන විට ඇය දෙවඟනකි. ඇය අතේ තිබුණේ භාණ්ඩ වර්ග කිහිපයකි. 06 March 2025
හැංගෙන්න ගිහින් ඉදුල් වතුර නාලා අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි. 05 March 2025
රා බොන්න ගිහින් අලි අමාරුවක වැටිලා එක්තරා ආයතනයක ප්‍රධානියකු ගමකට ගොස් කිතුල් ගසකට නැග කිතුල් රා බී ගසෙන් බැසීමට යාමේ දී සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 04 March 2025
හිස් පොකැට්ටුවට කයිය ගහන්න ගිහින් නාගෙන ‘‘තමා ජීවත්වන නගරයේ අයියලා සියලුදෙනාම තමාගේ අතේ’’ යයි කියමින් කාර්යාලයේ රඟපාමින් සිටි අයකුගේ මුදල් පසුම්බියට ගැටකපන්නකු ගසා අලි ජංජාලයක් වූ පුවතක් අසන්නට ලැබේ. 03 March 2025
බර වැඩිකර පෙන්වන්න කිලෝවේ පඩියක් සාක්කුවේ දමාගෙන නියමිත බර නැතැයි කියා ලේ ගැනීම ප්‍රතික්ෂේප කළ තරුණයකු නිසි ලෙසට බර සකසාගෙන ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයකට දායක වු පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි. 01 March 2025
පොලිස් ලොක්කාගේ සපත්තු වාෂ්ප වෙලා විහාරස්ථානයක පැවැති ආගමික උත්සවයකට සහභාගි වී එළියට එන අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයකුගේ සපත්තු යුගල ගලවා තිබූ තැනින් එර්දිවී තිබීමේ පුවතක් ඉකුත් දා වාර්තා විය. 01 March 2025
මායියාට ලොකුකම පෙන්වන්න ගිහින් අලි අමාරුවක බිරිඳට ලොකුකම් පෙන්වන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු ගැන කතාවක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ. 01 March 2025
හතරගාතෙන් එනවාට බිරිදගෙන් යස පාඩමක් වයඹ පළාතේ ගමකින් මෙම සිදුවීම වාර්තා විය. කුලී වැඩ ජීවිකාව කරගත් 67 හැවිරිදි ඔහු කරන්නේ කරත්ත රස්සාවය. 01 March 2025
මාහල්ලෝ හඩෙන් ඉහමොළ රත් වෙලා පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවකුට ශිෂ්ට සම්පන්න ලෙස කතා කිරීමට එහි ගුරුතුමිය පුරුදු පුහුණු කිරීම හේතුවෙන් දරුවාගේ මවුපියන් අන්ද මන්ද වූ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි. 01 March 2025
පිනට දුන්නාම කුලියත් ඉල්ලලා පොල් කඩන්නකු විසින් ඔහුගේ ඥාතියකුගේ දානයක් සඳහා ව්‍යාපාරිකයකුගෙන් පොල්ගෙඩි දහයක් පිනට ඉල්ලා ගස් නැගීමේ කුලිය එම ව්‍යාපාරිකයාගෙන් අයකරගන්නට ගිය සිද්ධියක් දමන ප්‍රදේශයේ නගරයකින් වාර්තා වෙයි. 01 March 2025
ළමයින්ගේ කට වහන්න ගිහින් ටීචර්ගේ කට වැහිලා මේ පුවත වාර්තා වෙන්නේ කඳුකර ප්‍රදේශයේ ප්‍රාථමික දරුවන් ඉගෙන ගන්නා කුඩා පාසලකින්ය. මේ පාසලේ ඉගෙන ගන්නා සියලුම දරුවන්ට ආහාර වේලක් ලබා දෙන අතර එය ලබා දෙන්නේ උදේ වරුවේය. උදෑසන මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව විදුහල්පතිතුමාගේ කතාව අසා සිටින දරුවෝ ඉවර වෙන්නේ කීයට දැයි ඇඟිලි ගනිමින් සිටිති. ඒ ඉගෙනීමේ කටයුතු සඳහා සූදානම් වීමටම නොවේ. දිනපතා වෙනස් කරමින් ලබා දෙන උදෑසන ආහාර වේල රස විඳීම සඳහාය. උදෑසන රැස්වීම අවසන් වීමත් සමග දිවයන්නේ අත සේදීම සඳහා වන අතර පෝ 28 February 2025
ඔළුව උදුම්මාගන්න ගිහින් නෝන්ඩි වෙලා සාමාන්‍ය උසස් වීමක් ලබා වෙනත් ආයතනයක සේවයට වාර්තා කළ රජයේ සේවකයකු අදාළ තනතුරින් හිස උදුම්මාගෙන විධායක නිලධාරීන් හා සමව කටයුතු කරන්නට ගොස් එම ආයතනයේම පහළ සේවකයන්ගේ සමච්චලයට ලක් වූ බව කියැවෙන පුවතකි. 27 February 2025
සූර්පිට මිනියත් එක්ක එළිවෙනකම් බුදියගෙන මල් ශාලාවේ තැන්පත් කර තිබූ මෘත දේහයට ගරු බුහුමන් දැක්වීමට ගිය අයකුට ජීවිතයේ කවදාවත්ම මුහුණදීමට සිදු නොවූ කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. 26 February 2025
ඇඳුම මාරු වී රෙදි ගැලවිලා කලබලය හා වෙරිමත නිසා තම ඇඳුම මාරුවී සභාවක් ඉදිරියේ ලජ්ජාවට පත් වූ පුද්ගලයකු පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 25 February 2025
ගණදෙවි නුවණින් දවල් තරු පෙනිලා හොරාගේ ගණ දෙවි නුවණින් ගෙහිමි කතට දවල් තරු පෙණුනු කතාවක් දකුණේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. 24 February 2025
රාජකාරිය ලොක්කාට අහු වී තරු පෙනිලා කාර්යාලයේ රාජකාරී කටයුතුවල නියැළෙමින් සිටියදි ක්ෂේත්‍ර රාජකාරියකට යන බව පවසා බැහැරව ගොස් තම බිරිඳගේ ව්‍යාපාරයේ නිෂ්පාදන කරනු ලබන ද්‍රව්‍ය වෙළෙඳ සල්වලට බෙදාහරිමින් සිටියදි ආයතන ප්‍රධානියාගේ අතටම හසුවූ සේවකයකු පිළිබඳ අපුරු පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ. 21 February 2025
ගාණ අඩු කරන්න ගිහින් අතින් කයිට් වෙලා අලෙවි කිරීමට තිබූ බෝංචි කරලක් කාපු නිසා තරුණයන් දෙදෙනකුට රුපියල් විස්සක් වෙළෙන්දාට දීමට සිදු වූ පුවතක් හාලිඇළ නගරයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. 20 February 2025
පවුල් කඩන්න ගිහින් රෙදි ගලෝගෙන තමාගේ විවාහක සැමියා අනියම් සම්බන්ධතාවයක් පැවැත් වූ බවට ඔප්පු කරන්නට ගිය අවට වැසියන්ට එම සැමියාගේ බිරිය දුන් උත්තරයෙන් රැස්ව සිටි පිරිසේ දත කට පූට්ටු වු පුවතක් ගැන යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි. 19 February 2025
වැලැන්ටයින් සමරන්න ගිහින් ගුටි කාලා වැලැන්ටයින් දා මල් කලඹක් දී අනියම් පෙම්වතිය හමුවී පෙම් සුව විදින්නට ගිය විදුහල්පතිවරයකුට ගම්වාසීන් එක්ව පහර දුන් බවට තොරතුරක් වයඹ පළාතෙන් වාර්තා වෙයි. 17 February 2025
මැල්ලුම මාරු වී වැසිකිලි පෝලිමේ පියාගේ පාදයක අසනීපයකට බඳින්නට සාදන ලද බෙහෙත් මැල්ලුම සහ නිවසේ අාහාරයට පිසින ලද පළා මැල්ලුම මාරුවී අනුභව කිරීමෙන් අපුරු අකරතැබ්බකට මුහුණ පෑමට ලක්වු නිවැසියන් පිරිසක් පිළිබඳව රස කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙයි. 15 February 2025
ආප්ප කන්න ගිහින් රෙදි ගලෝගෙන අඩු මුදලට බිත්තර ආප්ප කන්නට ගිය තරුණ පිරිසක් පිළිබඳ පුවතකි.සිද්ධිය මෙසේ ය. එය අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි තේ වෙළෙඳ සලකි. 15 February 2025
අමුඩය අමතක වී ලේලිය අමනාප වෙලා මී හරක් පට්ටියකට හිමිකම් කියූ කිරි ගොවියකුට ‘‘අමුඩය” අමතක වීම නිසා තම එකම පුතු අලුත විවාහ කර ගත් ලේලිය අමනාප වී නිවසින් පිටව ගිය අපූරු පුවතක් වැව් බැඳී රාජ්ජේ පිටිසර බද ගමකින් අසන්නට ලැබූණි. හේ වනාහි අමතක වීමේ රෝගය තදින්ම තිබූ තලත්තෑනි කිරි ගොවි මහතෙකි. වර්ෂා කාලයේදී තම මී හරක් පට්ටියට කෑම සඳහා ගමෙන් එපිට ලදු කැලෑවට දක්කාගෙන යනු ලබන්නේ වතුර පිරුණු ”ඔයක්” තරණය කරමිනි. මෙසේ එම වතුර පිරුණු ”ඔය” හරහා ගමන් කරන මේ කිරි ගොවි මහතා ඔහුගේ සරම වතුරට ත 15 February 2025
නම පැටලී අලි ජරමරයක අනුන්ගේ පුතකුට උප්පැන්නයක් ලියන්න ගිය පියකු පිට වැටුණු අලි ජරමරයක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ප්‍රසිද්ධ පාසලකින් අසන්නට ලැබේ. 15 February 2025
අපලය මාමණ්ඩි පිටින් යවලා වසර ගණනාවකට පසුව තම විවාහක පුතුගේ මුනුපුරා බලන්නට ගිය පියකු ලේලිය ගෙදරින් පන්නා දැමු පුවතකි මේ. සිද්ධිය අනාවරණය වෙන්නේ මධ්‍යම පළාතට අයත් ගමකිනි. 15 February 2025
සැමියාට දඩුවම් කළාට බිරිය හොදවැයින් ලොක්කා අමතලා නොදන්වා සේවයට නොපැමිණීම පුරුද්දක් කරගත් පුද්ගලයකුට ආයතන ප්‍රධානියා විසින් දඬුවම් ලිපියක් නිකුත් කිරීමෙන් කුපිත වූ ඔහුගේ බිරිය ආයතන ප්‍රධානියට දුරකතන ඇමතුමක් ලබා දී හොඳවැයින් ඇමතූ බව කියැවෙන පුවතකි. සිද්ධිය මෙසේය. 15 February 2025
බල්ලකුට ගුටිකෙළගෙන කූඩුවෙත් ලැගලා නිවෙසක ඇතිදැඩි කරන සුනඛයකු සම්බන්ධ පැමිණිල්ලක් විභාග කිරීම සූදානම්වත්ම පොලිසිය තුළම කෙස්වළු පටලවාගත් බැවින් ඊට අදාළ සියලු දෙනාම පොලිස් කූඩුවේ රඳවා තැබූ බව ඉබ්බාගමුව බෝගමුව පොලිස් ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂිකා ඉන්දිකා දැල්කඳුර මහත්මිය පැවසුවාය. 14 February 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026