තිහගොඩ පොලිස් ස්ථානයට හදිසි දුරකථන ඇමතුමක් ආවේ මධ්‍යම රාත්‍රී දොළහ ආසන්නව තිබියදීය.“අපේ ගෙදරට හොරු පැනලා වහලේ උළු අදිනවා. අනේ උදව් කරන්න” කලබලයෙන් කීවේ කාන්තා කටහඬකිනි. කවදත් මෙවන් කාර්යයට පිහිට වන පොලිස් ස්ථානාධිපති ඩී.ජී.සම්පත් සංජීව මහතා ලිපිනය ලබාගෙන අදාළ ස්ථානයට පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු ගිනිඅවි සහිතව ක්‍ෂණිකව යැවීය.
අදාළ නිවස අසලට ගියත් එහි කලබලයක් නැත. ඒත් නිලධාරීන් දෙදෙනා දොරට තට්ටුවක් දැමීය. නිදිමතේ ආ නිවෙස් ප්‍රධානියා “එහෙම දෙයක් මෙහේ වෙලා නැහැ” කීවේ දැඩි විමතියෙනි. ඒ සමඟම නිවසේ සිටි දුව “මොකද නැත්තේ මම 119ට කතා කළේ. අම්මට තාත්තට කොච්චර කිව්වත් ඇහැ ඇරියේ නෑ. දැන් උන් වහලෙ යට හැඟිලාද කොහෙද?” කීවාය.
දැඩි විද්‍යුත් අලෝක ධාරාව සහිත විදුලි පන්දමක් වහලයට එල්ල කළ විට ඉන් පැන ගියේ විශාල ප්‍රමාණයේ උගුඩුවන් දෙදෙනෙකි. “රැට දරුවො පාඩම් කරන කොට දෙමව්පියොත් ටිකක් සැලකිල්ලෙන් ඉන්නවා. නංගිත් දැන් ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගන්න” කී පොලිස් නිලධාරීන් දෙදෙනා ආපසු ගියේ“මෙහෙමත් විකාර” කියමින්ලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට පෙර වාර්තා වුණා වහලේ සිවිලිමේ සැඟවී නිවැසියන්ගේ පුද්ගලික ජීවිතය රූපගත කර අන්තර්ජාලයට විකිණූ පහත්පෙළේ කෙනෙක් අසු වූ හැටි. ඒ නිසා වහලේ සද්ද බද්ද ගැන සැළකිලිමත්වීම කොහොමත් හොඳයි. (නි)
අනේ අප්පේ මෙහෙම ගියොත් අපේ අනුරපුරයේ සංචාරක හෝටල් වල වැඩකරන කකුල් දෙකේ උගුඩු වන්ට මොන දර්ශනද .(රේ)
අනේ අපොයි.(හේ)
සංචාරක සේවයට එකතුවෙන අපේ කකුල් දෙකේ උගුඩුවන් රෑට රෑට කාමර වලින්, වහලවල් උඩින් කොච්චර බලනවද? ඉතින් ඉතිපිසෝ ගාථාව කොහොම කියලා දෙන්නද සංචාරකයන්ට? (නි)
ජයනාත් කොහෙද යන්නේ? මල්ලේ පොල් කවියක් (බ)
හොඳ කතාවක් (නි)
උගුඩුවන් මනුෂ්‍ය වාසය ප්‍රියකරන බව මෙයින් පෙනේ. (නි)
ඔය වගේ උගුඩුවෙක් එක්තරා මුහුදුබඩ හෝටලයක මධුසමයට එන ජෝඩු ලැගුම් ගන්න කාමර උඩින් එබී බලන්න පහසුකම් සදාගෙන අසුවුණා. මේ මනුස්සයා හෝටලේ නේවාසිකව සිටිමින් හෝටලේ පොඩි පොඩි නඩත්තු කිරීම් කටයුතු වලට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වැඩ කළ කෙනෙක් නිසා කවුරුවත් සැකහිතලා නැහැ. (නි)
ළමයා පාඩම් කරනකොට නින්ද යන්න ඇති. එවිට හීනයක් දකින්න ඇති. ඒ හීනේ කවුරුන් හරි වහලෙන් පනින්න එනවා දකින්න ඇති. එවිට වහලෙන් සද්දය ඇසෙන්න ඇති. ළමයා බයවෙලා ඇහැරෙන්න ඇති. ළඟ තිබුන ෆෝන් එකෙන් 119 ට කතා කරන්න ඇති. මට නම් හිතෙන්නේ එහෙම වෙන්න ඇති කියලා. (නි)
දැන් මේ තිහගොඩ පැත්තේ බවලතුන්ගේ කීවෙනි සන්තෑසියද? අපොයි! මේ පැත්තේ තරුණියන් සහේට ගන්න පිරිමියෙක් ඉදිරිපත් වෙයිද දන්නෙත් නැහැ. (නි)
දරුවන්ට දොස්කියලා වැඩක් නැහැ. දෙමාපියන් මර නින්දේ නම් දරුවෝ වෙන කාට කියන්නද...? මීට පස්සේ ඔය කියන ගෙදරට ඇත්තටම හොරු පැන්නොත් මොනවා වේවිද...? ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපති මහතාට සහ අනෙකුත් පොලිස් නිලධාරින් දෙදෙනාට මාගේ උපහාරය...! (නි)
මට ආසයි පිටබැද්දර කොහෙද කියලා දැනගන්න. (නි)
සමහරවිට දුව බලන්න කව්රුහරි ආවද දන්නේ නැහැ. දෙයියෝ සාක්කිම තමයි. (බ)
පිටබැද්දර උගුඩුවො ඉන්නවාද ? (බ)
උගුඩුවා කී කව"පාඩම් කරපල්ලා" දරුවන්ට පවසා... නිදියන මහ උන් නිසා..දරුවන්ගෙ ඔලු කෙලෙසා... යනවා රුදු මිනිසා...එය වැලැක්විය යුතු නිසා.. බැලීමට සොයා, ආවා මම මෙලෙසා..දරු පෙම අපහටත් ඇති නිසා..(බ)
හොද වෙලාවට මේ සිද්ධිය පිටබැද්දරදි වුනේ නැත්තේ, එහෙනම් අර ගෑණු ළමයා හොදටම බැනුම් අහනවා රාළහාමිගෙන් නිස්කාරනේ. (බ)
අපි පාඩම් කරද්දිනම් අම්මයි අප්පච්චියි දෙන්නම ඇහැරලා වැඩ තේ හදනවා , යන්තන් ඇස් පියාගෙන එනකොට අපච්චි රල් බුරුල් අරිනවා, හැම අම්ම තාත්තටම එහෙම කරනත් බැහැනේ ඉතින් සමහර දෙමවුපියන් දහවල් කාලෙම මහන්ස්යි වෙලා ගෙදර එන්නේ ඉතින් නොදැනිම නින්ද යනවා, මොනවා උනත් පොලිසියේ ක්‍රියාවනම් පැසසිය යුතයි. (ර)
ළමයි දෙමාපියන්ට කීවා නම් වහලෙන් පහත් වෙලා උගුඩුවො හපා කයි කියලා හිතුවාද අබරන්.? (ර)
එතන සිදුවූ සිදුවීමේ කිසි වරදක් මම නම් දකින්නේ නැහැ. ළමයි හරිදේ කරලා තියෙනවා. ඒ ළමයි දෙමව්පියන්ට කියන්න ගියා නම් වෙන මොකවත් හරි වින්නැහියක් සිදුවෙන්ට ඉඩ තිබුනා. පොලිසියේ මහත්තුරුන්ට “මෙහෙමත් විකාර” කියා සිතුනේ මන්ද.? (ර)